
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල දිස්ත්‍රික්කයට යලි අද (9) උදෑසන පටන් ධාරානිපාත වර්ශාව පතිතවීමට පටන් ගැනීම නිසාවෙන් දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා දැනුම් දී සිටි.
ආපදාවන් සිදුවූ ප්‍රදේශවලට නොගොස් දැනට රැදී සිටින සුරක්ෂිත මධ්‍යස්ථාන හෝ තාවකාලික නැදෑ නිවෙස්වලට වී රැදී සිටින ලෙසට ද දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
පසුගිය දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති අධික වර්ශාවත් සමඟ සිදුවූ ආපදාවන්වලින් විනාශවි ගිය නිවාස දේපල සුන්බුන්, විපතට පත් ජනතාව සොයමින් ජනතාව එම ආපදාවන් සිදුවු ප්‍රදේශවල තවදුරටත් ගැවසෙන බවත් යලි මෙසේ වර්ශාව දිස්ත්‍රික්කයට පතිතවීම තුලින් යලි නායයාම්, පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩාවැටීමෙ දැඩි අවධානමක් තිබෙන නිසාවෙන් ජනතාවට සුරක්ෂිත මධ්‍යස්ථාන හෝ තාවකාලික නැදෑ නිවෙස්වලට වී රැදී සිටින ලෙසට ද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වැහුවා වගේ. රජය තමන්ගේ වගකීම ඉටු කළේ නෑ. මිනිස්සු රජයට බදු ගෙවන්නේ, රජය නඩත්තු කරන්නේ රජයෙන් විය යුතු සේවාවන් ලබාගන්න. එයින් පළමු දේ නීතිය, සාමය, ආරක්ෂාව. ඒත් මේ ආණ්ඩුව පළමු පියවරේදීම අසාර්ථකයි.