
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (17) දැනුම් දුන්නේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්විය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ,ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු කමිටුවක් පත් කර ඇති අතර සමගි ජන බලවේග පාර්ශවයේ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයවයි.
කෙසේ වෙතත් එම සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් නිල වාර්තාවක් තවමත් තමාට ලැබී නැතැයි කෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්වා ඇති රනිල් වික්‍රමසිංහ මහතා අදාල සාකච්ඡා ඉතා ඉක්මනින් අවසන් කළ යුතුව ඇතැයිද තවදුරටත් මන්දගාමීව ඇදගෙන යෑමට කාලයක් නැතැයිද දැනුම් දී තිබේ.
ලබන වසරේ සිට විපක්ෂයේ පක්ෂ සියල්ල ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැගිය යුතු වන හෙයින් ඉහත සාකච්ඡා කඩිනම් කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු යැයි එම සාකච්ඡා වලදී එකඟතාවයකට පැමිණියහොත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට එය ගැටළුවක් නොවේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවාට තමාද කැමති බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.
අදාළ සාකච්ඡා වලදී රනිල් නායකත්වයෙන් ඉවත් වී සජිත් හෝ වෙනත් අයකුට නායකත්වය දිය යුතු යැයි යෝජනාවක් පැමිණියහොත් ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට කිසිම ගැටලුවක් නැතැයිද වික්‍රමසිංහ මහතා පවසා ඇත.
එවැනි එකතුවක් සඳහා තමා ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවද එජාප නායකයා කීවේය.
" මම පක්ෂ නායකයා ලෙස බොහෝ කල් හිටියා. රටේ ජනාධිපති වුණා. යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි.ඒ වගේම රට අසීරුම මොහොතකට පත් වූ අවස්ථාවේ රට බාරගෙන ඉහළට ඔසවා තබන්නට කටයුතු කළා.ඒ නිසා මේ අත්හැරීම මට ගැටලුවක් නොවේ. හැබැයි මෙය ඉක්මනින්ම ඉවර කළ යුතුයි"යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට වැඩි දුරටත් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කතාව අපි මීට පෙර අහලා තියෙනවා. ඒත් මෙයා මැරෙනකම් යන්නේ නෑ. ඕන ඔට්ටුවක් දානවා.
ඉතින් පල
අර JR කළා වගේ ඔබත් විශ්‍රාම යන්න , දැන් කාලේ හරි
රනිල් අයින් වෙලා සජිත් ට නායකත්වය දුන්නොත් තලතා දීල ගීත ගත්ත වගේ වෙයි.
" මම පක්ෂ නායකයා ලෙස ඉන්දැද්දී චන්ද 20 ගණනක් පැරදුනා.එත් කවුරුවත් එළිපිට මාව අයින් කරන්න හැදුවේ නැහැ.ඒ කාලේ මම අධ්‍යාපන සහ තරුණ කටයුතු ඇමති ලෙස මම මගේ වැඩ කොටස නියමෙටම කළා ...බටලන්දේ මගේ ප්‍රයිවෙට් වධකාගාරයේදී කොල්ලෝ කෙල්ලෝ 1000 කට වැඩිය දිව්‍යලෝකෙට යවව්වා.රට අසීරුම අවස්තාවේදී මේ රට කාපු පට්ට හොරු රැලකගේ චන්ද 143 කින් මම පින් ජනාධිපතිවුනා. මම කෘත්‍යාධිකාරී මණ්ඩලය ගානට සෙට්කරලා තියෙන්නේ,සජියා නොවෙයි උගේ මහා එකා වලෙන් නැගිටලා ආවත් මම හදපු කෘත්‍යාධිකාරී මණ්ඩලය නටන්නේ මම කියන විදිහටයි ..ඒ නිසා " ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් " .
මෙයා යන්න… එළොව ගිහින් හරි බලයි, කාටද කකුල් මාට්ටුවක් දාන්න පුළුවන් කියලා.
දැන්ද තේරුනේ තමා අනුන්ට බරක් බව. රටත් කෑවා. පක්ශෙත් කෑවා. බඩ පිරෙන්න කජු කාලා ඉස්තරම්ම එකෙන් කෝටි ගානක කජු. පිනට රට සවාරි ගැහුවා දැන් කියනවා මම යන්නම් ලු. චුතවෙලා යනවද. ටිකකලට නාකි මයිනත් එක්ක මහන වෙන්න නම ගිය ලොකු හාමුදුරුවො ඉන්නවා පිලිගන්න. මහන වෙලා පන්සිල් පද පහ. මොලේටවදිනකම් කියන්න. ඒ පන්සිල් පද පහෙන් නොකරපු එකක් තියෙනවද. තනියම ටන්නෙ නැතිව නාකිමයිනත් එක්ක යන්න. දැන් ඉතින් දෙන්නම අවලන්ගු කාසියක් විතරයි. දෙවියනේ මිනිසුන්ට දුන්න ගින්දර වලට නැවත මනුස්ස ආත්මයක් හරි. බල්කෙක්වෙලා හරී ඉපදුනොත් ඒක හාස් කමක්
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව කිසිවකු ප්‍රකශ කර නොමැත. සමගි ජන බලවේගය කියා නාමික පක්ෂයක් ඇත. එම පක්ෂයේ සිටිනා අති බහුතරයක් පිරිස එක්සත් ජාතික පක්ෂිකයන්ය. මේ අවස්ථවේ තිබෙන්වූ ප්‍රධානම ගැටලුව හානියට පත්වූ රට සැලසුම් සහගතව ගොඩනැගීම වේ. ඒ සදහා සහ ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අද්දැකීම් ඉතාම වටිනේය. යම් පිරිසක් පසුගිය කාලයේ කියා සිටියේ රනිල් නිසා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් ගොඩනැගිය නොහැකි බවකි. විවිද පිරිස් විවිද මත පළකළේය. පක්ෂයේ නායකත්වය පිලිබදව මිස රට ගොඩනැගීම ඔවුන්ගේ අවධනය යොමු නොවිණි
ඔයා යන්නම ඕනේ. මොන බයිලා කිව්වත් තණ්හාව තාම තියෙන මාර සල්ලියක් තියෙනවද? අර්ජුන බැංකුව කඩලා දුන්න සල්ලි කොටස?
රනිල් සජිත් දෙන්නම යන්න ඕන. නව නායකත්වයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තනි පක්ෂයක් ලෙස ගොඩනැගීම අත්‍යාවශ්‍ය බව තේරුම්ගත යුතුයි නේද?
පිස්සුද අනේ යන්න එපා කොහොමහරි අල්ලාගෙන ඉන්න බලන්න. ස්වාභාවිකවම යනකම්ම අල්ලාගෙන ඉන්න. තරගකරපු හැම වෙලාවේම මිලියන ගණන් ඔයාට චන්දෙ දුන්නේ යන්න එපැයි කියලා නොවැ. ඔය කොහෙහරි ඇදවැටිලා අංඥකොරොස් වෙනකම් යන්නේ එහෙන නෑ තේරුනාද ඉලන්දාරියා.
ඔහෙට යන්න කියලා ජනතාව කිව්වේ මීට අවුරුදු 20කට විතර ඉස්සර ඉඳන්.
තව යන්නට ඉතුරුව තිබෙන්නේ එකම තැනක් පමණයි .
කවුරු අයින් උනත්, කවුරු එකතු උනත්, ජනතාව අනුර දිසානායක ජනාධිපතිතුමා ඇතුලු මාලිමා ආන්ඩුව සමගයි .ඒකයි ඇත්ත කතාව.....
තමුසේ ගියත් එකයි හිටියත් එකයි. ඔය එකහු කරන්න හදන්නේ රට කාපු ඉහලම හොර පාදඩයෝ ටිකනේ
කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තත් දෙකම එකයි.
ලොක්කා හිටියා ඇති, තරැනයන්ට ඉඩ දෙන්න. කරැනාකරලා යන්න . Adios!!!!
බැඳුම්කරෙන් මාටියා ගහපු සල්ලි ටික දැන්වත් දුන්නොත් ලොකු දෙයක්.
ඔබතුමා ඉන්නකං ගොඩ යාමක් නෑ. ඔයා show එකක් දාලා ආයෙ කියයි අපිට රනිල් ඕනේ කියලා
ඔබතුමා යන්න එපා. ගියොත් එක්සත් ජාතික පක්ෂය නූගත් මන්ද බූද්ධිකයන්ගේ ග්‍රහණයට හසු වෙනවා සොත්ති උපාලිගේ කොල්ලා එන්නේ
ඊශ්වරගේ වයිෆ්ලට හැර රටටම අප්පිරියයි. අවදානේ ගන්න දන්නෑ වගේ බොරුවට දොඩවනවා. දැන් සට්ටැඹියෝ ටික අනේ සර් යන්න එපා කියල තොඳොල් වෙයි.
කවදාවත් රනිල් යන්නේ නැහැ...ඒ තරම් බලලෝභී , ආත්මාර්ථකාමි මනුස්සයෙක්... කවද හරි යන්නේ එජාපය වහලා දාල තමයි..(පව් වැඩේ, රුවන් විජේරත්න ඒ දවස් වලම වෙනම පක්ෂයක් හදාගත්ත නම් මේ වෙනකොට සැහෙන ප්‍රගතියක් ලග ගන්න තිබුන...)
ගිහින් අර දමනි ටිකට ස්ටෙන්ට් දාගන්න මේ විකාර නැතුව. හේමාස් එකෙත් කරනව ලංකා හොස්පිටල් එකෙත් කරනව. සතියෙන් ගොඩ.
ඇත්තටම ඔබ තුමා යන්න ඕන, වැදගත් මහත්මා ගතිගුණ ඇති යහපත් පුරවැසියෙකුට එය බාරදීල . නිදන් හොරුන්ට බාරදීල ගියොත් රටම විනාසයි . පක්ෂයත් ඉවරයි .
එළුවාට වඩා මේ ජාතියේ විනාශය දිගටම කරගෙන ගිය අපිරිසිදු මිනිසා , මහජනයා දැනටමත් ඔබව එළවා දමා ඇත.
අනේ යන්න හිටියා ඇති හොද ළමයා
අනේ යකො, උඹ ඕක දැන් අවුරුදු 30ක් විතර කියනව නේද? ඉතිං, කිය කියා ඉන්නෙ නැතිව අයින් වෙලා පලකො!
ඔයා මොන බාදාවක්ද, බාදාව රවී, වජිර..
යන්න එපා, ඉතුරු ටික කන්න ඉන්න.
මේ පච නායකා අභාවප්‍රප්ත වෙනකම් පක්ෂය අත හැරලා යන්නේ නැත යන පණිවිඩය තමයි ් මම ඕනෑ වෙලාවට පක්ෂ නායක ධූරයෙන් ඉවත් වන්නට ලෑ ස්ති කියන කතාවේ තේරුම, මෙය මේ රටේ ජනතාව හොදට තේරුම් ගත යුතුයි.
මෙය ඔබ දැන්වත් තේරුම්ගැනීම ලොකු දෙයක්.ඔබ කලමනාකරනයේ විශිස්ටයෙක්.මේ රටේ බිහිවූ හොදම රාජ්‍යතාන්ත්‍රිකයෙක්.ආර්තික අර්බූදයෙන් රට ගොසගත්තෙ ඔබ.ඒත් ජනතාව අතර ඔබ අලෙවි නොවෙන ජාත්‍යන්තර නිශ්පාදනයක්.ජනප්‍රිය නෑ.ඔබව විනාසකලේ වජිර,සාගල,අකිල කියන අපතයො ටික.ඒ තිදෙනාම ජනතාව ප්‍රතික්ශේප කල unp එක බින්දුවට බස්සපු අය.එමෙන්ම ඔබත් සීමාවක් නැති බල තන්හාවෙන් පෙලෙන කෙනෙක්.එකතුවෙන්න හදද්දි මිකක් හෝ ගේමක් ගහල නායකත්වයෙ ඉන්නව.කෘත්‍යාදිකාරී මන්ඩලයේ 100%ක්ම ඉන්නෙ ඔබගේ ගෝලයො.ඔවුන් ස්තිරවම කියනව ඔබ සිටිය යුතු බව.එතනින් එහාට එකතුවීම ඉවරවෙනව.සජිත්ට නායකත්වයෙ දීල ඔබ ඉවතට යායුතුයි.වජිර,සාගල,අකිල එක්කො හැදෙන්න ඕනි.නැත්නම් ඔබත් සමගම යායුතුයි.
හිටපු ඡනාධිපති රනිල් විකුමසිංහ මැතිතුමා පක්ෂයේ ඡ්‍යෙෂඨ උපදේශක තනතුරට පත්කොට පක්ෂ නායකත්වය සඡිත් මහතාව පත් කිරිම මගින් පුශ්නය විසදාගන්නට පුලුවන් යැයි මම සිතමි..දැනටමත් සමගි ඡන බලවෙිගයට UNP පක්ෂයට වඩා මහඡන කැමැත්තක් ඇත. මෙි අවස්ථාවෙි රනිල් මැතිතුමා දරන මතය
රනිල් මැතිතුමා ගේ අදහස ඉතාමත් ශෙෂ්ඨයි. ඔබතුමා එ.ඡා පක්ෂයේ ඡ්‍යෙෂ්ඨ උ පදේශක තනතුර දරමින් පක්ෂ නායකත්වය සඡිත් මහතාට භාර දෙන්න. එහෙම නැතුව තව දුරටත් රනිල් මහත්මයා පක්ෂ නායකත්වයට උනන්දු වන්නේ නමි පක්ෂ දෙකේ එකතුව සාර්තක නොවෙි. එහෙම උනාම පාක්ෂිකයෝ වශයෙන් අපි හැමදාම දුක් විදිනවා. මහඡන තාවයේ දුක් කමි කටොලු ගැන හැගිමි දැනින් නොමැති රනිල් මැතිතුමා මෙි අවස්ථාවෙි සිතන ආකාරය ගැන ඡනතාව වශයෙන් අපි ඉතාමත් සතුටු වෙනවා.
ඔය කිව්වට යන්නේ නෑ, ෂුවර් බහිරවයා වගේ ඉඳීවි
ජීවිත කාලයම නායකත්වයේ හිටියේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තමන්ගේ පැවැත්මට හෙන්චයියන්ව දාගෙන. රටේ ඉහළම පුටුවට එගොඩවුණේ හොර වැල්පාලමෙන්, ජනතා කැමැත්තෙන් නොවෙයි. තරුණයින්ව ටයර් සෑයෙන් එළොව ඇරලා, "තරුණ අපේ අනාගතය" කියලා මුළු කොළඹම වැහෙන්න පෝස්ටර් ගහලා, පාර්ලිමේන්තුවට රිංග ගත්තා. බලයේ හිටපූ කාලේ රටේ මහජන ධනය හෙන්චයියන්ට හොරාකන්න දීලා, රටේ ආර්ථික මර්මස්ථාන කුණුකොල්ලෙට විකුණලා දැම්මා. මේ රටට විපතක් මිසක් සෙතක් කවමදාකවත් වුණේ නෑ...ඒකයි පරම සත්‍ය...
රටේ ජනාධිපති උනාලු! පිං කෑල්ල හැලිල. පැනගිය විධායක ජනාධිපතිගේ කොටේ අදින්න කිවාවනම් තමයි හරි.
දැන්වත් මොළය පාවිච්චි කළ එක ලොකු දෙයක්.
ධමනියෙ කතාව ඇත්ත නම් මෙච්චර නටන්න වෙන්නේ නෑ.
ඔය එක්සත් ජාතික පක්ෂයේ කිසිම ජන පදනමක් තියෙන කෙනෙක් නැනේ. ඉතින් ඇයි ඔච්චරම ඔවුන් එක්ක එකතු වෙන්න සජිත්ගේ පක්ෂය දගලන්නේ? එකම වාසිය වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය කියන නමට යම් වටිනා කමක් තියෙන්න පුළුවන්. එත් ඒ පක්ෂය තනියෙන් චන්දෙ ඉල්ලලා එකම එක මන්ත්‍රීදුරයක් ගන්නේ, ඒකත් ජාතික ලැයිස්තුවෙන් (රනිල් ජනාධිපති වෙන්නේ ඒකෙ පිනෙන්). අනික රනිල්ට ජනාධිපති වෙන්න කිසිම මහජන ප්‍රශාදයක් නැහැ. ඒ නිසා චන්දයකින් ජිවිතේට දිනන්න බැහැ. වලවූ පලන්තියකින් උඩගු වෙච්ච ඔහුට අති බහුතරක් වෙන පොඩි මිනිසුන් ගැන සත පහක කැක්කුමක් නැහැ. ඒ නිසා කොහෙන් හරි නිකන් ලැබෙන කනා චාන්ස් එකකින් හැර රටේ නායකයා වෙන්න බැහැ. අන්තිම චන්දයේදී (ජනාධිපතිවරණය සහ මහා චන්ද) හොරකන් කලේ රාජපක්ෂලාගේ චන්ද ටික. නමුත් ඒ ටික නාමල් අපහු ලබා ගනිමින් ඉන්නවා (ඒක පසු ගිය ප්‍රාදේශීය චන්දයෙදී දැක්කා). ඔය උඩ ඉන්න සාගල, රුවන් වගේ අයට කිසිම ජන පදනමක් නැහැ. ඉතින් සජිත්ට තියෙන්නේ මේ කුණු ගොඩවල් ටික ගැන හිතන්නේ නැතිව තනියම ගමනක් යන්න.
තාමත් සීයද එ.ජා.ප. නායකයා?
ඔය මොනවා කරත්, මාව ඔය එකකින්වත් එලවන්න බෑ !
ඔහේ සජිත් එක්ක ඇහැක් විදියට එකතු වෙන්න. අපිං පාංද?
මහජනයා ඔයාට කැමති නෑ ඒක නිසා මහජන ඡන්දයෙන් ඔයාට ජනාධිපති වෙන්න බැහැ
ඔයා අනිකිතව දුන්නු මහජන මුදල් ආපහු රජයට අය කරගන්න ක්‍රමයකුත් හදන්න බැරිද?
කොල්ලො එංගලන්තෙ ලක්ෂ 160ක් වියදම් කරල ගිය විනෝද ගමනට , ආන්ඩුවෙ බෝඩිමට යන්න ලැස්ති වෙන්න
කලබල වෙන්න ඕනෑ නැහැ හෙට අනිද්ද කූඩුවට ගියාම අස්වුනා වගේ තමයි.
ඉතින් පලකො තවත් කෙකර ගගා ඉන්නෙ නැතුව. උඹේ ධමනි 3 ක් බ්ලොක් නේද? එහෙව් එකෙකුට නායකත්වයක් දරන්න බැරි බව ඕනම පොඩි ළමයෙක්ටත් තේරෙනවා. ඒත් මේ පීං පියාට තේරෙන්නෙ නැති ඒකයි පුදුමේ. මූ අවුරුදු කීයක් විපක්ෂ නායක කමේ හිටියද? ඒත් ඒක මැතිවරනයක් වත් දිනන්න බැරිවුනානේ. ජනාධිපති වුනේ තරඟ කරල දිනල නෙවෙයිනෙ. රාජපස්සලාව ආරක්ෂා කරන පොරොන්දුව මත බයේ දුවපු ගෝටා පිනට දුන්න නිසානේ. එකනේ ලෝකෙ පුරා ප්‍රසිද්ද වුනේ පිං ජනාධිපති කියල. එහෙව් එකෙක් තව මොනවටද පෙරේත කමට පක්ෂයක් බදාගෙන නායක කම ආරක්ෂා කරගෙන හැමදාම වැජඹෙන්න හදන්නෙ ඒක ඒක නූල් සූත්තර දදා ? තුක් නොදකින් ගල් නාකියා .
කුණු ජෙපි ඩෝබිල රනිල්ට කොච්චර බයද කියලා කොමෙන්ට් වලින් පේනවා. මහා කාලකන්නි අසරණ ජීවිත. හැබැයි කොහොම වැලලුනත් මාලිමාවයි අනුරයි දැනටමත් ෆේල්.
මෙයට රාජ්‍ය මුදල් විසුද්ධිකරණය සම්බන්ධයෙන් ඇතුලට යන්න වෙනවා.ඒ බව දැනිලා තමයි දැන් සජිත්ට ඇමක් දීලා ගේමක් ගහන්න හදන්නේ. සජියෝ මේ උගුලට අහුවෙන්න එපා... ඔයාටත් බඩුම තමයි.
අනේ ඔය යන්න එපා තව ටිකක් ඉන්න , ඔයා වගේ මාර්කට් කරන්න බැරි නායකයෙක් ඉන්න කම් ඔයා ගේ පක්ෂෙට මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ , එහෙම වුනහම අපිට දිනන්න ලේසි වෙනවා , ඔය පහුගිය ජනාධිපතිවරනෙට ඉල්ලුවේ නැති නම් තව චන්ද ටිකක් සජිත්ට ලැබෙනවා එහෙම වුන නම් අනුරට සජිත් සමග කරට කර තරගයක් දෙන්න වෙනවා , තෑන්ක් යු අනේ , දිගටම ඉන්න ,
ලංකාවේ එහෙම කල් තිය දැනුම් දුන්න කියල නිලධාරීන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ , පාස්කු ප්‍රහරේ කාලේ තිබුනේ ඔබතුමාලගේ ආණ්ඩුවක් , ඉන්දියාවෙන් කල්තිය දැනුම් දුන්නත් නිලධාරීන් ක්‍රියාත්මක වුනේ නැහැ , එහෙම ක්‍රියාත්මක නොවුන කියල ඔවුන්ට කිසිම දඩුවමක් ලැබුනෙත් නැහැ , මේකෙදි ලැබෙන්නෙත් නැහැ . මේක තම සත්‍ය තත්වය , 28 වෙනිදා වැස්ස නිසා රජයේ නිලධාරීන්ට නිවාඩු දුන්නම වාරිමාර්ග නිලධාරියොත් ගෙදර ගිහින් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිනිස්සුත් ගෙදර ගිහින්
විශ්‍රාම ගියපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ගැන ජවිපෙ මාලිමා ඩොබි හැත්ත මෙච්චර වැළපෙන්නේ මොකද? රනිල් ඇත්තටම අවලංගු කාසියක් නම් මේ තරම් වදවෙන්න ඕනැ නැහැ නේ? ආණ්ඩුව ඔය තරම් සාර්ථක නම් රනිල් ගැන මේ තරම් කියවන්නේ මොකද? හිත යටින් දැනෙනවා නේද කවුද නියම නායකයා කියල, කවුද වැඩ්ඩා කියලා.
ඕක දාලා යන්නේ නෑ මැරෙනකම්. බලයට පුදුම පෙරෙතකමක් තියෙන්නේ .අපි නොදන්න රනිල් . රටට මෙලෝ වැඩක් නොකර වැඩිම කාලයක් මිනිස්සුන්ගේ මුදලින් පිනට යැපුන මිනිහෙක් .තවත් ඉන්න අදහස ...
රටේ ඉහලම තැනට ගියේ ජනතා ඡන්දයෙන් නොවේ කියල මුලු ලෝකයම දන්නවා. මේ ආත්මයෙනම් ඕක වෙන එකක් නැහැ.
ගියත් ඇගිලි ගැසිල්ල නං අඩුවෙක්නේ නැහැ
අනේ එපා... ඉන්න...
තෙපර බාමින් ඉන්නේ නැතිව මකබා වෙයන්.... වැලිකඩ යන්න සූදානම් වෙයන්... රාජපක්ෂ ගෙරියන්ගේ ගැලවුම්කාර ද්‍රෝහියා... අපි දන්නවා ඔය කීවාට උඹ ඔය නායක තනතුර දාලා යන්නේ නැහැ... හෙට අනිද්දා වළල්ලු දුසිමක් විතර වජිරයා සාගලයා ගෙන්නලා ඔබතුමා යන්න එපා කියලා නාට්‍ය දර්ශනයක් කරනවා. ඊට පස්සේ ජනමතයට හිස නමමි කියලා පුටුවේ ඉන්නවා.
මෙතන කොමෙන්ට් දාන, පොර ටෝක් දෙන, රනිල් ට ලොවෙත් නැතිවෙන්න බනින, ලොන්තයෝ සහ ලොන්තියෝ එකෙක් වත් සැබෑ ලෙසම දේශපාලනය කල එවුන් වත්, ආර්ථික ප්රතිසංස්කරන ගැන හෝ ජාත්‍යන්තර දේශපාලනය ගැනවත්, මෙලෝ හසරක් දන්න උන් නොව ජ.වි.පෙ.ට කඩේ ගිය හෝ උන් ගේ කතා අසා රැවටුනු උන් ය. තවමත් ලැජ්ජාවක් ඇති බවක් පේන්න නැත. ඒත් හෙට අනිද්දා පෝලිම් වල,කන්ඩ බොන්ඩ නැතුව ඉන්න විට රනිල් යනු කවුදැයි තේරුම් යනු ඇත. ඒ එසේ නොවුනත් 'රනිල්' යනු යුධ ජයග්‍රහනය උදෙසා අඩිතාලම දැමූ, ජාත්‍යන්තර සහයෝගය දිනාගත්, රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගෙන, රුපියල නැවත ශක්තිමත් කොට කෙලින් හිටවූ නායකයා බව උන්ට ඉතිහාසයෙන් මකා දැමිය හැකි වන්නේ නැත. රනිල් ඔබගේ සේවය තව දුරටත් රටට අවශ්‍ය බව අප හොඳින් දනිමු.