(අංජුල මහික වීරරත්න)
ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තුතිය පළ කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ දුරකථන සංවාදයකදී, ජනාධිපතිවරයා මෙම කෘතඥතාව පළ කළේය.
ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් මහතා මෙහිදී ගංවතුරෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ මෙරට ජනතාවට සිය බලවත් සංවේගය පළ කළ අතර, මෙම ආපදා තත්වයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ සහ සජිත්ගේ ගෝලයෝ එදා පුන පුනා කිව්ව වත්මන් ආණ්ඩුවට විදේශ ආධාර, සහයෝගය ලබන්නේ නැහැ කියලා. දැන් බලන්න විදේශ ආධාර ගලාගෙන එන හැටි.
මේ වැස්සෙන් විපක්ෂයත් නාය ගියා...