
(පී.ආර්. ගමගේ)
රාජකාරි අවසන් කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සහායක නිලධාරීවරයකුට ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පහර දුන් බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට රෝහල් ගත කර ඇත
පසුගියදා බුළුතොට , වැලිආර ප්‍රදේශයේදි කංසා වගාවක් වැටලිම සදහා මෙම පොලිස් නිලධාරියා සහභාගි වී ඇත. එහිදි මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීී වරයාගේ මාමාගේ ඉඩමේ පිටස්තර පුද්ගලයකු විසින් කංසා වගාකර ඇති බවට හෙළිවීමත් සමග මන්ත්‍රීී වරයාගේ නම සමාජ මාධ්‍යයේ සංසරණය වනු දක්කට ලැබීම හේතුවෙන් පොලිස් නිලධාරියාට මෙසේ පහර දුන් බව ඔහු පවසයි.
පොලිස් නිලධාරි වරයා පවසා සිටියේ ඊයේ රාත්‍රී තම රාජකාරි අවසන්කර නිවස බලා ආපසු එන ගමනේදි තමා හට පහරදීමට අවස්ථා දෙකකදි පිරිසක් විසින් උත්සාහ කළ බවත් දෙවෙනි අවස්ථාවේදි කළුගල හේමගිරි විහාරස්ථාන මාර්ගයේදි ඔහු පැමිණි යතුරුපැදිය නතර කර එහි යතුරද පැහැර ගෙන වාහනයේ සිටි රියදුරු සහ මන්ත්‍රී වරයා ඇතුළු කණ්ඩායමක් වාහනයෙන් බැස තෝව මරණවා යයි පවසමින් පහර දී ඇත. එම ස්ථානයේ තිබු නිවසකට තමාව කොටුකර ගැනීමටද ඔවුන් උත්සාහ කල අතර එයද ව්‍යර්ථව ගියේය.
ඉන්පසු වෙනත් ස්ථානයකදි ඔවුන්ගේ කැබ් රථය හරස්කරමින් නතරකර ඔහුයන මගට පැමිණ ඔහුගේ මුහුණට කසිප්පු පිරවු පාර්සලයකින් දමා ගැසු බවත් පොලිසියට පවසා ඇත. එහිදි මෙම දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී ඇති අතර පොලිස් නිලධාරියා ඉතා අසීරුවෙන් එතැනින් කැලයක් මැදින් නිවසට පලා ගිය බවත් 1990 ට කතා කළත් එය පලක් නොවු බවද පැවසිය.
පසුව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීී බී. ආර්යවංශ මහතා පැමිණ කොළොන්න රෝහල වෙත යොමු කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කරයැවු බවත් පැවසිය. ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරියා හෘද රෝගයටද වෛද්‍ය ප්‍රථිකාර ලබන බවටද රෝහල් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියනම් හොඳ ගල් ආදෙක් වගේ.ඊයේ වෙද්දී පොලිසිය කරපු වරද හෙළිවුණා අද මේ කේස් එක, එතනත් පොලිස් නිලධාරියා විතරයි, සාක්ෂි නැහැ. මගේ පුතෙක් හිටිය ,එකදවසක් පාරේදී පොලිස් වීල් එකකින් දාගෙන ගිහින් කියල තියෙනවා, පැකට් එකක් ඇතුලට දාල 54 ගහල දානවා කියල. පොලිස් නිලධාරීන්ට රාජකාරියේ දී බොඩි කැමරා අනිවාර්ය කරන්න ඕනේ
මාමාන්ඩිගෙ ඉඩම මැද ගංජා ගස් දෙකක් තියෙනවා. පොලීසීය හරියටම ගිහින් ඒක අල්ලනවා. ටක්ගාලා මාධ්‍යයට යනවා මාළිමාවේ මංත්‍රී කියලා. සමගි බලවේගයෙන් ඇවිත් රෝහලට ඇතුල් කරලලු..
අපිට වඩා පොඩ්ඩක් හොඳ වෙන්න කිවුවට මුනුත් එකම බෝට්ටුවෙනේ. කටිං නම් දෙවිවරු වගේ. වැඩ නම් ඉතිං .....
තවත් වීරයෙක්
මේවා අරුම පුදුම නිවුස් නම් නෙවෙයි. බෙල්ල කපලා වටේ ගහපු අයට ඕවා මොනවද? තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් එනවා.
පොලිසියේ රාලහාමි සජිත්ගේ ලණුවක් කාලා අන්තිමට කාපු ජරාව දිරවාගන්න බැරිව ඉස්පිරිතාලේ.
මේක සජබෙ ලියපු නාට්‍යයක් , මන්ත්‍රීගෙ මාමගෙ ඉඩම බලාගත්තවුන් පෝච්චියක වවපු කංස පැල දෙකක් අල්ලගෙන මාධ්‍යට වොයිස් කට් දීපු සජබෙ මන්ත්‍රීල මෙිකත් හදපු තවත් මඩක්, කළුතර අධිනීතිඥයා මේ කංස පැල දෙකට මාධ්‍ය සාකච්ඡා තිව්ව, ඒ තරමට මඩ ගහන්න ඉක්මන්, විපක්ෂයේ අයට වෙන වැඩක් නැහැ, ඒක නිසා මේවට අහුවෙන්න එපා, මේ යකාට ගහන්න ඕන නම් ඔිකට මන්ත්‍රී යාවිද අද වගේ කාලෙක.
Headline එක අනුව නම් නඩුව අහලත් ඉවරයි නේද
ගංජා වවන්න හොදයි .අල්ලන එක වැරදියි
මාලිමාවෙ ඉන්නෙ හරිම පිරිසිඳු සෙට් එකක් කියලා රැවටිලා පැන පැන ඡන්දෙ ගහපු මෝඩයන් වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක්!!! අශෝක රන්වල නාටකයෙන් අනුර පෙන්නුවා එයා ඇවිල්ලත් තවත් එක මහින්ද කෙනෙක් කියලා. තමන්ගෙ එකා මොන ජඩ වැඩක් කරත් රකිනවා.
කිරි කළයට ගොම බිංදුවක් වැටිලා. නීතියෙන් හා පක්ෂය මගින් දැඩි දඬුවම් දී, මෙයිට වැඩිය ප්‍රසිද්දියක් ලබාදෙන්න.
මෙය ජ.වි.පෙ. ඕනෑම සාමාජිකයකුගෙන් බලාපොරොත්තු විය හැකිය. ඔවුන් ට හුරු දේශපාලණය මෙයයි. ඔවුන් අන්ධව දේශපාලන අන්තවාදීන්ය. කිසිවෙකුගේ අදහස්වලට ගරු නොකරයි. පිනක් පවක් නොහඳුනයි. කෝපයෙන් ප්‍රශ්න විසඳයි. ඔවුනට බලය ලැබීම වල් අශ්වයාට අං ලැබුණා හා සමානය
මන්ත්‍රීගෙ මාමගෙ ඉඩමෙ වැඩ කරන තරුණයන් දෙන්නෙක් තමන්ගෙ පාවිච්චියට පෝච්චියක හිටවපු කංස පැල දෙක මාධ්‍යට එනකොට කංස හේනක් උනා. ඔන්න ලංකාවෙ මාධ්‍ය , චැනල් හතරක හතරවිදියක්. අයිතිකාරය හිතන විදියට මාධ්‍යකාරයො හිතනතාක් කල් මේක මෙහෙම තමයි. හැබැයි මොනවත් කලොත් මෙන්න මාධ්‍ය නිදහස ඉවරයි කියනව.
මාලිමා උන් හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලා ප්‍රතිචාර දක්වන එක නවත්තන්නේ කවද්ද? ඔය තකතීරු වැඩේ නිසා ආණ්ඩුවේ ලොක්කන් හිතු මනාපයේ වැඩ කරනවා. රන්වල සිදුවීමේදී පොලීසිය නැවුනේ රන්වලගේ දේශපාලන බලය නිසා. එතෙන්දිත් පොලීසියටයි දොස් කිව්වේ. දැන් මන්ත්‍රී කෙනෙක් පොලිස් නිලධාරියෙක්ට ගහල. එතෙන්දිත් ගංජා පැල තියාගත් මිනිහාට නෙවේ ගුටි කාපු පොලිස් නිලධාරියාට බනින්නෙ
අනුර සහෝදරයා ,මේ තොරතුර සත්‍ය නම් ,අපි බොහොම අමාරුවෙන් හදා ගත්ත ආණ්ඩුවේ කිර්ති නාමය වනසන මෙවැනි පුද්ගලයන් වහාම පක්ෂෙන් නෙරපීම ඔබගේ වගකීමය
මේ නාටකය දැන් හෙළිවෙලා ඉවරයි.
මංත්‍රීගේ මාමා අතපය වලංගු නැති වයසක මිනිහා වෙච්චිකොට කොහොමෙයි ඉඩම් වවන්නේ බෑනා කියන්න ඇති මාමේ අපි දෙන්නාම බේරෙන්න කවුරුහරි දාලා වගා කරන්න මට පුලුවන්නේ ඉතිරි ටික කරන්න කියලා කොහොමහරි අන්තිමේදී පසුගියදා සම්මත වූ ඩයනාගේ පනත නිසා වගාවත් අනුමත වෙයි මන්ත්‍රී නිදොස් වෙයි පොලිස් නිලධාරි දඩුවමක් විදීවි...
මාලිමාවෙ මන්ත්‍රීගෙ බිරිදගේ නැගනියට අයිති ඉඩමක (වගා කරන්න වෙන කෙනෙකුට දීලා තියෙන ඉඩමක) ඉඩමේ මායිමටත් එහායින් තිබ්බ ගන්ජා පැල දෙකක් අල්ලලා. අර අජිත් පී පෙරේරා මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ ගන්ජා හේනක් අහුවෙලා වගේ. ඊට පස්සේ ගැහුවා කියලා තවත් නාටකයක් දාලා... හැබැයි සීසීටීවී දර්ශනවල තියෙනවා මාලිමාවේ මන්ත්‍රීගේ කැබ් එක පිටිපස්සෙන් පොලිස් කාරයා ෆලෝ කරගන යනවා. ඔය සජබෙ මන්ත්‍රීලාට කියන්න තියෙන්නේ ඉතින් ඔයාලාට ඡන්දේ දෙන අයගේ මොල වලට හරියන විදියේ ස්ක්‍රිප්ට් ලියන්න එපා අනිත් අයට අතටම අහුවෙන විදියට...
ඇත්තටම වුණේ මේ කියන දේ නෙවෙයි නම් මාලිමා මන්ත්‍රී මේ ප්‍රවෘත්තියට විරුද්ධව නඩු දාන්න ඕනෑ. අජිත් පෙරේරා ගැන නම් කතා කරලාම වැඩක් නෑ. මානසික ලෙඩෙක්...