
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවට නැවත නැගී සිටීමට පෙරටත් වඩා සහායක් ලබාදීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අද ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාව සමග සිටි පරිද්දෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසුව නැවතත් නැගී සිටීමට මෙරට දරන උත්සාහයේදී ද ඉන්දියාව පෙරටත් වඩා ශ්‍රී ලංකාව සමග සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.
ශ්‍රී ලංකාව යළි ගොඩ නැගීම සඳහා රුපියල් කෝටි 13,884 ක පමණ සහන පැකේජයක් රැගෙන තමන් මෙරටට පැමිණි බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.
යළි නැගිටීම සඳහා මෙරටට ලබාදෙන සහන පැකේජයෙන් ඩොලර් මිලියන 350 ක් ලබා දෙන්නේ සහනදායී නායක ලෙස බවත් ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදල ලබාදෙන්නේ ප්‍රදානයක් ලෙස බවත් ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ලබාදෙන සහන පැකේජය මෙරට රජය සමග සාකච්ඡා කරමින් අවසන් කෙරෙමින් පවතින බව ඔහු පැවැසුවේය.
ඉන්දියාව අංශ පහක් ඔස්සේ මෙරටට සහාය ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. හානිවූ පාලම්, මෙරට මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය නැවත යථා තත්වයට පත් කිරීමට සහාය ලබාදීමට ඉන්දියාව ප්‍රමුඛතාව ලබාදෙනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.
එසේම අර්ධ වශයෙන් සහ සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස නැවත ගොඩ නැගීමට, සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධතිය නැවත නගා සිටුවීමට, කෘෂි කර්මාන්තයට සහ වඩාත් හොඳින් ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම සූදානම් කරවීමට සහන පැකේජය යටතේ ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල බෙහෙත් අව්ල ඉන්දියාවට හානියක් නැතිව ගොඩ දාලා දුන්නොත්, ලංකාවට සහාය දෙන්නම් කියයි...
" වල් ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල් ". තේරුණා ද දන්නෑ.
සහාය ආදරේට දෙන්නෙත් නැහැ නේද? රිටර්න් මොනවා දෙන්න වෙයිද? කරන්න වෙයිද දන්නේ නෑ.
ඔබට සහ ඉන්දීය රජයට ස්තුතිය පිරිනමමි...
ඉන්දියාවට ජයවේවා...!
පලවෙනි කමෙන්ට් කාරයින් දෙන්නාගෙන් අහන්නේ. ඔහෙලාගේ තක්කඩි කෙහෙල්ගෙඩියා පවුල පිටින් ඉන්දියන් ආධාර ගිලිනකොට ඔහෙලාගේ කටේ පිට්ටු හිරවෙලා තිබුණාද?
අප දෙරට අතර ඇති දීර්ඝ කාලීන සම්බන්ධතාවය, අනිත් සියලු බැඳීම් වලට වඩා බලවත් බව අප දනිමු. ඉන්දියාවට ශක්තිමත් ශ්‍රී ලංකාවක අවශ්‍යතාවයද අපට වටහාගත හැකියි. නමුත් මෙතැනදී සිදුවන්නේ, දුර්වල ආණ්ඩුවක් සහ නායකයෙකු සිිටින විට මඟුල් කෑමකි. අදූරදර්ශී මිනිසුන් ගෙන් පිරි රටක් තමන් විසින්ම ඉල්ලාගෙන කෑමකි. හොඳම උදාහරණය ඉන්දියාවෙන්ම සොයා ගත හැකිය. 2004 සුනාමි ව්‍යවසනය වීමෙන් පසු බටහිර රටවල් අපට මෙන්ම ඉන්දියාවටද ආධාර දීමට ඉදිරිපත් වනවිට, එදා අගමැතිව සිටි දිවංගත මන්මෝහන් සිං මහතා, එය ප්‍රතික්ශේප කලේ තමන්ට තනිව එය කරගත හැකි බව පවසමිනි. මහින්ද රාජපක්‍ෂ පවා හිඟන බංග්ලාදේශයෙනුත් ඩොලර් මිලියන දෙසීයක් වැනි සොච්චම් මුදලකට ලංකාව බාල්දු කල අතරඅද ඒ දේම, අනුර කුමාර, විජිත හේරත් වැනි අඳබාල, කොන් ද පණ නැති, දේශපාලන අත් දැකීම් හෝ ජාත්‍යන්තර සම්බන්ධතා නොමැති අදූරදර්ශී ජේ.වී.පී ගොන් තඩියන් කරනු පෙනේ. සජිත් ප්‍රේමදාස වැනි තාත්තාගේ පහනින් එළිය බලන අයද එයට දෙවැනි නැත. අභිමානවත් ජාතියක් කිසි දිනෙක තම ස්වෛරීත්වය කිසිවෙකුට පාවා දෙන්නේ නැත...
එහෙත්,'අරගලයේ' අරමුණු වරදවා වටහාගත් ශ්‍රී ලංකාවේ අදූරදර්ශී මිනිසුන් විසින් 'ලේ' රසයෙන් ඔද වැඩුනු 'හිස්' මිනිසුන් පිරිසක් බලයට පත් කරගෙන තිබේ. ඔවුන් බලය උදෙසා ඕනෑම ජඩ වැඩක්, ඉදිරියේදීත් කරනු ඇත. වැරද්ද ඔවුන් ගේ නොව අපේය...
වර්ථමාන පාලකයා ඕනෑ විදිහකට නම්මවා ගත හැකි බලතන්හාව පමණක් ඇතිව හිස උදුම්මා ගත් නිවට ගති ඇත්තෙක් වග ඉන්දියාව හොඳින් දනී. ඔවුන් හදන්නේ බොරදියේ මාළු බෑමටය. මේවා වටහා ගන්නට මාලිමා ගැත්තන්ට කොහෙත්ම බැරිය. ඔවුන්ගේ ඔළු හිස්ය.
ලංකාවේ ජනමාධ්‍ය සහ පුද්ගලයින් මුදල් ගැන කතා කරද්දී විවිධ ඒකක භාවිතා කරනවා. මෙය මිනිස්සුන්ගේ අවබෝධයට සහ වැරැදි ලෙස සමාජයට යාමට තියන අවධානම වැඩි කරනවා. මම යෝජනා කරන්නේ රජයෙන් යම් එකගතාවයක් ඇතිකළ යුතුයි. සාමාන්‍ය මිනිසුන්ට නිකුත් කරන නිවේදනවල. ඩොලර් කෝටි, රුපියල් මිලියන ලක්ෂ රුපියල් කෝටි වැනි දේ හිතෙන විදිහට නොදා ලක්ෂයේ සිට ලක්ෂ දහය වන තුරු ලක්ෂ වලින්, ලක්ෂ දහයේ සිට මිලියන වලින් සහ බිලියන් වලින් කතා කිරීම. එතකොට කෝටි සීය, ලක්ෂ දාහ වැනි එකඑක ලෙස එකම ප්‍රවුර්තිය ප්‍රචාරය වෙන එක නවතිනවා. කාට හරි කියන්න පුළුවන්ද කුණාටුවේ හානිය කොපමණද කියා. ඒ වගේම ලංකාවට ආධාර කොපමණ ලැබුණාද කියලා... මේකට හේතුව නා නා ප්‍රකාර ලෙස මුදල් නිවේදන කිරීම. එතකොට කාටවත් හිතාගන්න බැහැ කවුද හරි වැරදි කියලා. සමහරු මේක හිතා මතා කරන්නේ...
සහය දෙනවා කියන්නේ ඔවුන්ගේ කම්පැනි වලට ලංකාවේ ව්‍යාපාර කරගෙන යන්න ඉඩ දෙනවා කියන එකටදද? ආධාර දීලා ලංකාවම ගිලගන්න වගේ යන්නේ? සුද්දෝවත් චීනේවත් කවදාවත් මේ වගේ දේවල් කරන්නේ නැහැ.
ඉන්දියානු ආධාර කියන්නේ උගුල්...