
(රෝෂන් තුෂාර)
හිටපු අමාත්‍යය අර්ජුන රණතුංග මහතා සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්තාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද පැවසීය.
රටට අවශ්‍ය ඛනිජ තෙල් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට අත්තනෝමතිකව මැදිහත් වෙමින් රුපියල් මිලියන 800ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට එරෙහිව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම කරුණු ඉදිරිපත් කළේය.
සභාපති ධම්මික රණතුංග මහතා පළමු සැකකරු ලෙසත්,දෙවැනි සැකකරු ලෙස අර්ජුන රනතුංග මහතා නම් කරන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් දන්වා සිටියේය.
අර්ජුන රණතුංග මහතා විදේශගතව ඇති බැවින් අද දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් දන්වා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් විමර්ශනයන්ට සහාය දක්වන සිය සේවා දායකයා ඇප පනත ප්‍රකාරව මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට තරයේ අවවාද කළේය. සැකකරු ද්ත්ව පුරවැසියකු බැවින් විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්ලේ ඔක්කොම දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු අය කියලා දන්නෝ හොන්දාකාරවම දන්නවා.
රන්වල ජවනිකා යටගහන්න තමයි ආණ්ඩුව මේවා උඩට අදින්නේ. මුනුත් කළින් ආණ්ඩු වගේම කිසිම වැඩපිළිවෙලක් නැති ගොබ්බම ආණ්ඩුවක්. මිනිස්සු දැන් ඔය නාට්‍ය වලට රැවටෙන්නේ නැහැ.
තමුන් කෙලින් ගිහින් අනිත් අයගෙ ඇද හෙව්වා නම් හොඳයි කොමිෂන් ලොක්කා.
බලතල පාවිච්චි කරලා මැදිහත්වීමක් කලා නම් වරදක් වෙන්නේ නැති වෙයි. මොකද ඔය ඕඩර් එක අනුමත කරන කමිටුවේ අයටත් පුළුවන් නේ වංචාවල් කරන්න. මේ ඇරස්ට් කරන කිරිල්ලේ හැටියට එක්කෝ මෙයාලා නැත්නම් එයාලා ඇරස්ට් කෙරෙනවා. අවුරුදු 5 ඉවර වෙනකොට මුළු රටම උසාවි ගානේ ගෙනියයි වගේ.
රාජපක්ෂලාට ගෑවුනු හැමෝම හොරුන් වෙනවා.
ගුණයා උදෙන්ම ලේ කෝපකරන්න එපා.
ගුනරත්න රන්වලයා කරන දේවල් යටගහනවා නම් රන්වලයා තාම කතානායක, රන්වලයා බීලා හිටියාද කියලා පරීක්ෂා නොකලේ ඇයි කියලා දැන් පරික්ෂා කරනවා. ගුණරත්න ඒ කාලේ නම් අල්ලපු පොලිස් කාරයා දැන් යාපනේ වැඩ, පොලිසියේ o I c ත් මෙලහකට වෙන තැනක. ගුණරත්නට ඉක්මනට අමතක වෙන පාටයි.
කියව කියවා ඉන්නේ නැතිව අත් අඩංගුවට ගන්න. ඤාති සංග්‍රහය ඉහළටම කළ කෙනෙක්...
අර්ජුන ක්‍රිකට් වලින් රට වෙනුවෙන් කළ උදාර මෙහෙවරට අපි උද්දාමයෙන් ආචාර කරන අතර ඔහු යම් රාජ්‍ය මුදල් හොරකමකට සම්බන්ධ නම් දඬුවම් ලැබිය යුතුයි. ඒක කාටත් පොදු ධර්මතාවයක්...
හොද මූණ පෙන්නගෙන හිටියට අර්ජුනත් නිකන් ඉදලා නෑනේ. තෙල්වලිනුත් ගසාකාලා තියෙන්නේ.
"කැච් මී ඉෆ් යු කැන් " චිත්‍රපටිය වගේ ? නියෝග දෙන්න කලින් පැනලා.