ගුවන් තොටේ ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ දිගු පෝලිම්
කටුනායක ගුවන් තොටුපළ තුළ ක්රියාත්මක ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කටයුතු කාර්යක්ෂම සහ කඩිනමින් සිදු කිරීම සඳහා අලුතින් ස්ථාපිත කර ඇති පරිගණක සහ ගුවන් ගමන් බලපත්ර ස්කෑන් කිරීමේ යන්ත්ර නිසා , පෙරට වඩා කාලය තුන් ගුණයකින් පමණ වැඩි වී ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන්ගේ දිගු පෝලිම් ඇති බව වාර්තා වේ.