ලොරි අනතුරින් කාන්තාවක් මරුට ගලෙන්බිදුණුවැව කැකිරාව මාර්ගයේ යකල්ල රොහල අසලදී සිදුවූ ලොරි අනතුරින් කාන්තාවක් මියගිය බව ගලෙන්බිදුනුවැව පොලිසිය කියයි. 31 December 2018
මුලතිව් මුහුදේ පෙරලුණු ඉන්දීය බෝට්ටුව වෙරළට ගොඩසයි මුලතිව් වලයාලමඩම් මුහුදු ප්‍රදේශයේ දී විපතට පත් ඉන්දියානු ධීවරයින්ට අයත් යැයි සැකකෙරෙන යාත්‍රාවක් පෙරළී මුහුදු වෙරළ දෙසට ගොඩ ගසා ඇති අතර අද (31) අදාළ යාත්‍රාව ගොඩට ඇදීමේ කටයුතු සිදු කරන බවට මුලතිව් පොලීසිය පවසයි. 31 December 2018
වෑන් රිය ලොරියක ගැටී 7 ක් රෝහලේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දක්ෂිණ නාවික කදවුර ඉදිරිපිටදි අද (30) පස්වරුවේ වෑන් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් වු අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් හත් දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් රෝහල් පොලිසිය පවසයි. 30 December 2018
පළමු වැනිදා සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දීපව්‍යාප්තව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (1) සිට සුහුරු ජාතික හැඳුනුම්පත් දීප ව්‍යාප්තව නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. 30 December 2018
බස් අනතුරින් අයෙක් මරුට : සිව් දෙනෙකු රෝහලේ කටාන කෝන්ගස් හන්දිය 7 කණුව අසලදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 30 December 2018
කුඹුක්කඳවල අනුනාහිමියෝ දැයෙන් සමුගනිති සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ අනුනායක රංගිරි දඹුලු රජමහ විහාරස්ථ රංගිරි පාය විහාරාධිපති කුඹුක් කඳන්වල නන්දවිමල අනු නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුලු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රංගිරි දඹුලු රජ මහා විහාරස්ථ ආදාහන මළුවේ දී අද (30 ) පස්වරුවේ සිදු කෙරිණි. 30 December 2018
සිවිල් ආරක්ෂක භටයාගේ මළ සිරුර වාරි ඇළකින් හමුවෙයි ආණමඩුව මහ උස්වැව මැරුංගොඩ හත් වන ගම්මානයේ වාරි ඇළක තිබු සිවිල් ආරක්ෂක නියාමකයකුගේ මළ සිරුරක් අද ( 30 ) සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. 30 December 2018
යතුරුපැදි අනතුරින් පාසල් දැරියක් මරුට කොට්ටාව හොරණ පාරේ සිදුවු රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් මව,පියා,දියණිය රෝහල්ගත කිරිමෙන් පසුව දියණිය මියගිය බව කොට්ටාව පොලිසිය පවසයි. 30 December 2018
තලවාකැලේ වෙළඳසලක් ගිනි ගනී තලවාකැලේ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළට පිටුපසින් පිහිටි සිල්ලර භාණ්ඩ වෙළඳසලක අද (30) අලුයම හටගත් හදිසි ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්වී ඇති බව පොලිසිය පවසයි. 30 December 2018
මඩොල්සිය නාය අවදානම පහව යයි : ගම්මු යළි නිවෙස් වලට නායයාමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් සිය නිවාස හැර ගොස් තාවකාලික කඳවුරුවල පදිංචිව සිටි මඩොල්සිම දෙහිගල වතුයායේ ජනතාව අද (30) උදෑසන සිට යළි සිය නිවෙස්වල පදිංචියට පැමිණෙමින් සිටින බව මඩොල්සිම පොලිසිය පවසයි. 30 December 2018
ජීව අත්බෝම්බ දෙකක් සොයා ගනී අම්බලන්ගොඩ හිරේවත්ත මෝදර දේවාලය අසල මුහුදු වෙරළේ තිබී ජිව අත්බෝම්බ දෙකක් සොයා ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 30 December 2018
වෑන්රථයක් දුරකථන කණුවක ගැටී 17කට තුවාල යාපනයේ විනෝද චාරිකාවක් ගොස් පැමිණෙමින් තිබූ වෑන් රථයක් බණ්ඩාරගමදී අද (29) අලුයම දුරකථන කණුවක ගැටී පෙරළීයාමෙන් එහි ගමන්ගත් 17දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. 29 December 2018
යතුරු පැදිය විදුලි කණුවක ගැටී අයෙක් මරුට පොලොන්නරුව, ගිරිතලේ - දියබෙදුම මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක හැපීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගතකිරීමෙන් අනතුරුව අද (29) අලුයම යතුරුපැදිකරු මරුමුවටපත්වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 29 December 2018
හෙරොයින් ජාවාරමේ යෙදීසිටි කතක් අල්ලයි හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 740 ක් සහ රුපියල් 44010 ක් සමග සැකකාර කාන්තාවක් අහුංගල්ල වැලිකන්දේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 29 December 2018
නීතිවිරෝධී ලෙස දුම්වැටි ගෙන ආ මගියකු අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 29 December 2018
හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛය තුවාල වී සිටි අලි පැටවකු මියයයි හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් දින ගණනක් පුරා ආහාර හා ජලය ගැනීමට නොහැකිව සිටි වල් අලි පැටවකු දැඩි කුසගින්න හා ඇතිවූ විජලන තත්ත්වය හේතුවෙන් අද (28) බලලුවැව ඉස්මත්තේදී මිය ගියේය. 28 December 2018
වන්දනා නඩයක් රැගත් බසයක් පෙරැළී 15ක් රෝහලේ වන්දනා නඩයක් රැගත් බස් රථයක් අද (28) බුන්දල කිරින්ද මාර්ගයේ ඌරණිය වංගුව අසළ මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් පුද්ගලයන් 15ක් තුවාල ලබා ඇත. 28 December 2018
ගුවන් තොටේ ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ දිගු පෝලිම් කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කටයුතු කාර්යක්ෂම සහ කඩිනමින් සිදු කිරීම සඳහා අලුතින් ස්ථාපිත කර ඇති පරිගණක සහ ගුවන් ගමන් බලපත්‍ර ස්කෑන් කිරීමේ යන්ත්‍ර නිසා , පෙරට වඩා කාලය තුන් ගුණයකින් පමණ වැඩි වී ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන්ගේ දිගු පෝලිම් ඇති බව වාර්තා වේ. 28 December 2018
අධිකරණය අසළ ගිනිඅවියක් තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටට ගිනි අවියක් අතැතිව වෙඩි තැබීමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබූ බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි. 28 December 2018
කඩුගන්නාව නගර සබේ අයවැය දෙවැනි වරටත් සම්මතයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (28) දෙවැනි වරට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 14 කින් සම්මත විය. 28 December 2018
ගෝන දෙනක මැරූ 2ක් අත්අඩංගුවට මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පේරක කලාපයේ වෙඩිපිටිය ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ ගෝන දෙනක කැබ් රථයක පටවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(28) අත්අඩංගුවට ගත් බව කන්දේගම අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි. 28 December 2018
රජරට සරසවියේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයක රජරට විශ්ව විද්‍යාලයේ පංති තහනම් කර ඇති සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙසට ඉල්ලා සිසුහු අද (27) සරසවි භූමියේදී උද්ඝෝෂණයක නිරත වූහ. 27 December 2018
සේනා දළඹු හානිය වී වගාවටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු වගාවේ පමණක් මෙතෙක් දක්නට තිබූ සේනා දළඹු හානිය මේ වනවිට වී වගාවට ද ව්‍යාප්ත වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. 27 December 2018
රූපලාවන්‍යගාරයකින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගාල්ල නගරයේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් රුපියල් දහනම ලක්ෂ හැත්තෑපන් දහසක මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් එම රූපලාන්‍යාගාරයේ සේවිකාවන් දෙදෙනකු ගාල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 27 December 2018
මහ වැස්සෙන් ලෙනදොර ප්‍රාදේශිය රෝහලත් යට වෙයි දඹුල්ල ලෙනදොර ප්‍රදේශයට ( 26) ඊයේ රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ ගණනාවක්ම ජලයෙන් යටවී දඹුල්ල ලෙනදොර ප්‍රාදේශීය රෝහල ද සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇතැයි වෛද්‍යවරු පවසති. 27 December 2018
කිරිඉබ්බන්ආර අතුරු මාර්ගයක තිබී ජීව අත්බෝම්බයක් සොයාගනි තණමල්විල සෙවනගල කිරිඉබ්බන්ආර ලයිට් පාරේ පාලූ ඉඩමක තිබී යුද හමුදාව භාවිතා කරන වර්ගයේ ජීව අත්බෝම්බයක් අද (27) සොයා ගෙන ඇතයි සෙවනගල පොලීසිය පවසයි. 27 December 2018
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට තණමල්විල සෙවනගල කිරිඉබ්බන්ආර ලයිට් පාරේ පාලූ ඉඩමක තිබී යුද හමුදාව භාවිතා කරන වර්ගයේ ජීව අත්බෝම්බයක් අද (27) සොයා ගෙන ඇතයි සෙවනගල පොලීසිය පවසයි. 27 December 2018
මාතලේ නගරසභා මන්ත්‍රීවරුන් විරෝධතාවක තමන්ට නිසි පරිදි කොට්ඨාස සංවර්ධනය සදහා මුදල් ප්‍රතිපාදන ලබා නොදිම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කරගෙන නගරාධිපතිවරයාට විරෝධය පළ කරමින් මාතලේ මහ නගර සභාවේ උප නගරාධිපති සන්දනම් ප්‍රකාශ් (එ.ජ.නි.ස) මහතා ඇතුලු 27 December 2018
යුද හමුදාව මුලතිව්හි කැඩුණු වැව් හදයි මුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ අධික ගංවතුර තත්වය හේතුවෙන් කැඩී ගිය මුලතිව් උදයාර්කට්ටුකුලම් වැවේ වාන් යුද හමුදා සෙබලුන් විසින් පිළිසකර කිරීම අද (27) සිදුකරමින් සිටියි. 27 December 2018
අල්ලස් කොමිසම උතුරු මැද පළාත් සභාවෙන් කරුණු විමසයි අනුරාධපුර මහ නගර සභාවේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා අක්රමික ලෙස රුපියල් කෝටි තුනහාමාරක පමණ මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට ගන්නා ලද ක්‍රිය මාර්ග තම කොමිෂන් සභාවේ දුෂණ විමර්ශන අංක 01 කොට්ඨාශය වෙත ලිඛිතව දන්වන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච් එම් පී බංඩාර මතාට ලිඛිතව දැනුම් දී තිබේ. 27 December 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026