ඩී.ජි.සුගතපාල
ගාල්ල නගරයේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් රුපියල් දහනම ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් එම රූපලාන්‍යාගාරයේ සේවිකාවන් දෙදෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගාල්ල නගරයේ රුපලාවන්‍යාගාරයක සැකකාරියන් දෙදෙනා ඇතුළු සේවිකාවන් තිදෙනෙකු සේවය කරනු ලබන අතර ඇණවුම් බාර ගැනීම ගනුදෙනුකරුවන්ගෙන් එදිනෙදා මුදල් බාර ගෙන ඒවා බැංකු ගත කිරිම ආදී කටයුතු ඔවුනට පැවරි තිබී ඇත.
මේ අතර එම ආයතනයේ ගිණුම් ලිපිකරු ගිණුම් පවත්වාගෙන යන ලේඛන පරික්ෂා කිරිමේදී 2017 මැයි 7 වැනි දා සිට 2018 ඔක්තෝබර් 4 දක්වා කාලය තුළ රුපියල් 1,975,000ක මුදලක් අඩුවී ඇති බව අයිතිකාරියට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd