IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඹුක්කඳවල අනුනාහිමියෝ දැයෙන් සමුගනිති

(කාංචන කුමාර ආරියදාස)
සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ අනුනායක රංගිරි දඹුලු රජමහ විහාරස්ථ රංගිරි පාය විහාරාධිපති   කුඹුක් කඳන්වල නන්දවිමල  අනු නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුලු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රංගිරි දඹුලු රජ මහා විහාරස්ථ ආදාහන මළුවේ දී  අද (30 ) පස්වරුවේ සිදු කෙරිණි.

පසුගියදා උන්වහන්සේ හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් අපවත්වී වදාළහ.

උන්වහන්සේගේ දේහය රංගිරි පාය රජමහ   විහාරස්ථානයේ තැන්පත් කොට තිබුණු අතර අවසාන ගෞරව දැක්වීමෙන් පසු දේහය දඹුල්ල නගර මධ්‍යය රථ පෙරහැරකින් විහාර හන්දියේ පිහිටි ආදාහන මලුවට වඩම්මවන ලදී.

රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක  ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් ගේ සහ රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර  සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ අනුශාසනා හා ආගමික වතාවත් කිරීමෙන් පසු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ශෝක පණිවිඩ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපවත්වී වදාළ කුබුක්කඳන්වල නන්දවිමල අනුනාහිමියන්ගේ දේහය තැන්පත් කොට තිබූ චිතකයට ගිනි දල්වන ලදී.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හිටපු අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් රෝහණ දිසානායක දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න යන මැති ඇමැතිවරු ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියහ.



අදහස් (0)

කුඹුක්කඳවල අනුනාහිමියෝ දැයෙන් සමුගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31990 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14444 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site