බඳින තුවක්කුවක් පත්තු වී දෙදෙනෙකුට තුවාල තන්තිරිමලය පොලිස් වසමේ, මානිංගමුව මහහල්මිල්ලෑව ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු අද (4) බරපතල තුවාල ලබා ඇතැයි තන්තිරිමලේ පොලිසිය පවසයි. 04 January 2019
ටී කටස් වර්ගයේ ගිනි අවියක්- උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට පරගස්තොට පොල්හිටිදුව නිවසක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක් හා ටී පනස් හයේ උණ්ඩ පහක් සමඟ නිවෙසක හිමිකරුවකු අද (04) අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි. 04 January 2019
දුම්වැටි තොගයක් සමඟ ලාංකිකයෙක් අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (4) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 04 January 2019
පුත්තලම වගාබිම්වල සේනා දළඹු හානිය පාලනය කෙරේ පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයට අයත් පුත්තලම, වනාතවිල්ලුව, මදුරන්කුලිය යන ප්‍රදේශවල අක්කර 25 ක පමණ බඩඉරිඟු වගාබිම්වල ව්‍යාප්තව තිබූ සේනා දළඹු හානිය සාර්ථකව පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත් බව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය කියයි. 04 January 2019
කොළඹ-වව්නියා බසයකට බෝතල් ප්‍රහාරයක් කොළඹ සිට වවුනියාව බලා ධාවනය වු ලංගම බසයකට අද ( 4 ) අලුයම එල්ල වු බෝතල් ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අරඹා ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 04 January 2019
ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ සිරුරක් හමුවෙයි තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ තරුණ කාන්තාවකගේ මළ සිරුරක් අද (4) සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි. 04 January 2019
රජරට සරසවියේ නව උපකුලපතිවරයා වැඩ බාර ගනී රජරට විශ්වවිද්‍යාලයේ පවතින වත්මන් අර්බුදය විසඳීම සඳහා සාකච්ඡා කිරීමට මේ මස 11 වැනි දින පාලක සභාව කැඳවා ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා අද (03) පැවසීය. 03 January 2019
ගාල්ල දිස්ත්‍රික්කයේ නව කීට විද්‍යාගාරය විවෘත කෙරේ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ ඉදි කරන ලද ‘ගාල්ල දිස්ත්‍රික් කීට විද්‍යාගාරය‘ අද (03) දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා විසින් විවෘත කරන ලදී. 03 January 2019
විදින තුවක්කුවකින් මසුන් මැරීමට සැරසුණු 2ක් අත්අඩංගුවට විදින තුවක්කුවකින් මහ මුහුදේ මසුන් මැරීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනකු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 03 January 2019
පානීය ජල බෝතල් නීති උල්ලංඝනය කළ 408කට නඩු පානීය ජල බෝතල් සඳහා පනවා ඇති නීතිරීති උල්ලංඝනය කළ වෙළඳසැල් හිමියන් 408 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන ඇත. 03 January 2019
ලක්ෂ විසිඅටක මෝටර් රථයක් කොල්ල කෑ 7ක් අත්අඩංගුවට රුපියල් 2, 850, 000ක් පමණ වටිනා වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු ජා ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි. 03 January 2019
මිනිරන් පතලක් සුද්ද කරද්දී අත්බෝම්බයක් හමුවෙයි පස්යාල බෝලන් කන්දේ පැරණි මිනිරන් පතලක් යළි ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයේ පවතියිද යන්න සොයා බැලීමේ පරීක්ෂාවක් සඳහා එළි පෙහෙලි කරන අවස්ථාවේ දෝනාවක තිබී අද (3) ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 03 January 2019
රංගන ශිල්පිනී අනුෂා සොනාලිට නිවසක් රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මියට නිවසක් පිරිනැමීම අද (3) බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. 03 January 2019
නිදියහනේ මියගිය කොස්තාපල්වරයකුගේ සිරුරක් හමුවෙයි නිදියහනනේදී මියගොස් සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ මළ සිරුරක් අද (3) උදෑසන සොයා ගත් බව පිලියන්දල පොලිසිය පවසයි. 03 January 2019
හලාවත වැවිලි සේවකයෝ දෙවැනි දිනටත් විරෝධතාවයේ සීමාසහිත හලාවත වැවිලි සමාගමේ සේවකයින් විසින් ආරම්භ කළ විරෝධතාව අද (3) දෙවැනි දිනටත් හලාවත පිහිටි මහාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දි පැවැත්විණි. 03 January 2019
පාසලේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සිසුන් දෙදෙනකු අවවාද කර මුදා හරී ගම්පහ ප්‍රදේශයේ පාසලක දුම්කොළ හා හුණු මිශ්‍ර මත්ද්‍රව්‍ය සහ ගංජා නැමැති මත්ද්‍රව්‍ය සමඟ සිසුන් දෙදෙනකු ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 03 January 2019
ඉසෙඩ්. ඩී. ඇළේ ගසාගෙන ගිය වසුපැටවකු බේරාගනී වැලිකන්ද සෙවනපිටිය ඉසෙඩ්. ඩී ප්‍රධාන ඇළට වැටී සැඩ පහරට ගසාගෙන යමින් සිටි වසු පැටවෙකු අද(03) උදෑසන බේරාගැනීමට සෙවනපිටිය ත්‍රිරෝද රථ රියදුරෝ සමත් වූහ. 03 January 2019
කළුතර ව්‍යාපාරිකයාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට කළුතර උතුර තොටුපළ හංදියේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පැල්පොලවත්ත ඔහුගේ නිවසේ දී අද(03)අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි. 03 January 2019
ආයුධ රැගෙන ආ පුද්ගලයා සොයා පැය 17 ක මෙහෙයුමක් වවුනියාව පුලියංකුලම පූතූර් කෝවිලට ආසන්න ප්‍රදේශයේදී අත්බෝම්බ හා පිස්තෝලයක් රැගෙන එමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක පලාගිය සැකකරු සොයා අද (02) පුලියංකුලම ප්‍රදේශයේ පැය 17ක විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ බව පුලියංකුලම පොලිසිය පවසයි. 02 January 2019
බඳින තුවක්කුවක් පත්තු වී තරුණයකු මරුට බඳින තුවක්කුවක් පත්තු වීමෙන් කැකිරාවේ තරුණයකු මිය ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීහු අද (02) සිදුකළහ. 02 January 2019
බගවන්තලාවේදී වෑන් රථයක් අනතුරට ලක්වී 16ක් රෝහලේ රත්නපුර හපුගස්තැන්න සිට හැටන් දික්ඔය දක්වා ධාවනය වූ වෑන් රථයක් අද (02) අනතුරට පත් වීමෙන් වූන් රථයේ ගමන් ගත් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව පොලිසිය පැවසීය. 02 January 2019
මේ වසරේදී නීතී විරෝධි ගිනි අවි 1064 ක් අත්අඩංගුවට 2018 වසර තුළ දිවයින පුරා පොලිස් කොට්ඨාස මට්ටමින් කළ නීතී විරෝධි ගිනි අවි වැටලීම් වලින් ගිනි අවි 1064 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 02 January 2019
ධර්මපාල විදුහලේ මුරකරුට පහර දුන් තිදෙනෙකු අත්අඩංගුවට කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ආරක්ෂකයාට පහර දී තුවල සිදු කර මුර කුටියේ දේපොළවලට හානි සිදු කළ තිදෙනකු අද (02) අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 02 January 2019
එළුවන් 39 දෙනෙකු රැගෙන පලා ගිය 2ක් අත්අඩංගුවට එළුවන් 39 දෙනෙකු රැගෙන පොලිස් අණ නොතකා මන්නාරම සිට පුත්තලම දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස රථවාහන අංශ නිලධාරීහු පිරිසක් සමත් වූහ. 02 January 2019
‘රජයේ පාසල්වල හතර වසරට ගුරු අත්පොත් ලැබී නෑ’ රජයේ පාසල්වල මේ වසරේ සිට ක්‍රියාත්මක වන 4 වසර නව නිර්දේශය සඳහා ගුරු අත්පොත් මේ වනතුරුත් ගුරුවරුන්ට ලැබී නැතත් අධ්‍යාපන ප්‍රකාශන අංශයේ හා පෞද්ගලික පොත් කඩවල විකිණීමට ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 02 January 2019
ලක්ෂ හයක කේරල ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට සුඛෝපභෝගී කැබ් රථයකින් ලක්ෂ හයක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් තුනහමාරකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එම මත්කුඩු ද සමඟ අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වී තිබේ. 02 January 2019
තංගල්ලේ නිවසක ගින්නක් තංගල්ල දංකැටිය සුසාන භූමිය මාර්ගයේ පිහිටි නිවසක අද (2) දහවල් ගින්නක් ඇති වී තිබුණු අතර ගින්නෙන් නිවසට දැඩි හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි. 02 January 2019
පාසල් සිසුන් යොදවා මත්කුඩු ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට පාසල් සිසුන් යොදා ගෙන විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරු ක්‍රමය යටතේ මුදල් ගෙවා හෙරොයින් මත්කුඩු ගෙන්වා ගැනීමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයෙකු මාතර නූපේ ප්‍රදේශයේ දී සැක පිට අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 02 January 2019
හලාවත වතු සේවකයෝ විරෝධතාවයක ගෙවිය යුතු ප්‍රසාද දීමනා හා කාර්යසාධක දීමනා වහාම ලබාදෙන ලෙස ඉල්ලා වතු සේවකයෝ අද (2) හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹුහ. 02 January 2019
විදේශයේ නිෂ්පාදිත අත්බෝම්බ 4 ක් සොයා ගනී වවුනියාව පුලියංකුලම පූතූර් කෝවිල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් පිරිසක් සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලෙහි තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ හතරක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බව පුලියංකුලම පොලිසිය කියයි. 02 January 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026