IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘රජයේ පාසල්වල හතර වසරට ගුරු අත්පොත් ලැබී නෑ’

(විනීතා එම් ගමගේ)
 
රජයේ පාසල්වල මේ වසරේ සිට ක‍්‍රියාත්මක වන 4 වසර නව නිර්දේශය සඳහා ගුරු අත්පොත් මේ වනතුරුත් ගුරුවරුන්ට ලැබී නැතත් අධ්‍යාපන ප‍්‍රකාශන අංශයේ හා පෞද්ගලික පොත් කඩවල විකිණීමට ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
 
රජයේ පාසල්වල ගුරුවරුන්ට ගුරු අත්පොත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නොමිලේ සපයනු  ලබයි.

එහෙත් මෙම අත්පොත ජාතික අධ්‍යාපන ආයතනය මගින් අන්තර්ජාලයට එක් කරන ලදුව එයින් බාගත කරගත් පෞද්ගලික අංශයේ බොහෝ පොත්හල් එය මුද්‍රණය කර අලෙවි කරන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප‍්‍රකාශ කළේය. 

මෙම අත් පොතක් රුපියල් 540 කට ජාතික අධ්‍යාපන ආයතනය ද අලෙවි කරන බවත් නොමිලේ ලබා දීමට මේ වනතුරුත් පොත් ලැබී නැති බවත් හෙතෙම කියා සිටියේය.

නව වසරේ පාසල් ආරම්භ වු නමුත් මෙම ගුරු අත්පොත් හිඟය නිසා ඉගෙන්වීම්  කටයුතුවල දී හතර වසර ගුරුවරුන් බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවත් හෙතෙම කියා සිටියේය.

මේ  පිළිබඳව වහා සොයා බලා මෙම නව නිර්දේශය වෙනුවෙන් වු අත්පොත් ගුරුවරුන් වෙත ලබාදීමට කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.



අදහස් (0)

‘රජයේ පාසල්වල හතර වසරට ගුරු අත්පොත් ලැබී නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site