(ඩී. ජී. සුගතපාල)
විදින තුවක්කුවකින් මහ මුහුදේ මසුන් මැරීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනකු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයින් දෙදෙනා ගාල්ල දඩල්ල මුහුදේ මසුන් මැරීමට සූදානම් වූ බවට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගෙන ඇත.
දිය යට කිමිදී මෙම විදින තුවක්කුවලින් මසුන් මැරීම බරපතල වරදක් බවත්, එයින් කොරල්පර ද විනාශවන බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.
ලෝකයේ සෙසු රටවල මෙම විදින තුවක්කුවලින් මසුන් මැරීම තහනම් කර ඇති නිසා සංචාරකයින් මෙරටට පැමිණ ඒවායින් මසුන් මරන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අසාධාරණ චෝදනාවක්. අනෙත් රටවල මෙම කාරිය නීති විරෝධී නොවේ. සැවොම කොරල් පර වල මාළු නොමරති.