IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආයුධ රැගෙන ආ පුද්ගලයා සොයා පැය 17 ක මෙහෙයුමක්

(සිතුම් චතුරංග)

වවුනියාව පුලියංකුලම පූතූර් කෝවිලට ආසන්න ප‍්‍රදේශයේදී අත්බෝම්බ හා පිස්තෝලයක් රැගෙන එමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක පලාගිය සැකකරු සොයා අද (02) පුලියංකුලම ප‍්‍රදේශයේ පැය 17ක විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ බව පුලියංකුලම පොලිසිය පවසයි.

වවුනියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් 65 දෙනකු, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදාවේ සෙබලුන් 170 දෙනකු පොලිස් නිල සුනඛයන් යොදාගෙන මෙම මෙහෙයුම සිදුකළ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව පොලිසිය කීය.

ඊයේ (01) පොලිස් බුද්ධි අංශ නිලධාරින් පිරිසකට සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ ලැබුණ තොරතුරක් මත පුලියංකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකු වැටලීම සිදුකොට සැකකරු පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී  සැකකරු රැගෙන ආ ගමන් බෑගය අතහැර පලාගොස් තිබේ.

එම ගමන්මල්ල පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ හතරක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයට යොදන ජීව මිලිමීටර් නවය උණ්ඩ 18ක්, එම පිස්තෝලයේ පතුරම් තොගයක්, මාලිමා යන්ත‍්‍රයක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ජංගම දුරකථන උපාංග, මඳුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඇඟ ගල්වන ක‍්‍රීම් වර්ග, හදුනානොගත් බෙහෙත් ද්‍රව්‍ය, පිස්තෝල සඳහා යොදන ලිහිසි තෙල්, දත්බෙහෙත්, ජංගම දුරකථන අරෝපණයට විශේෂයෙන් සකස්කළ උපකරණයක් ඇතුළු උපකරණ රාශියක් සොයාගත් බව පොලිසිය කීය.

පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ සැකකරු කිසියම් අපරාධයක් සඳහා සූදානමින් පුපුරණ ද්‍රව්‍ය හා පිස්තෝල රැගෙන පැමිණෙන්නට ඇති බවට සැක කරන බවත් ගමන් මල්ලෙහි තිබූ පුපුරණ ද්‍රව්‍ය හා උපකරණ පරීක්ෂා කිරීමේදී ඔහු ගිනි අවි සඳහා පුහුණුව ලැබූ අයකු බව සොයාගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කරති.

සොයාගත් ජංගම දුරකථන ඔස්සේ සිදුකළ විමර්ශනවලට අනුව සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු එල්.ටි.ටි.ඊ සංවිධානයේ බුද්ධි බලකායේ සිටි යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය පැවසීය.

එම පුද්ගලයා නිරන්තරයෙන් පුලියංකුලම හා මන්නාරම ප‍්‍රදේශයේ සැරිසරා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූයේ සැකකාර පුද්ගලයාගේ අරමුණ ආරක්ෂක මුරපොලක් වෙත හෝ ආරක්ෂක අංශ නිලධාරීන් කණ්ඩායමක් ඉලක්ක කොට පහරදීම බවට සැක කරන බවත් හමුවූ ගිනි අවිය ප‍්‍රහාරයක් සඳහා සූදානම් කොට තිබූ බවත්ය.

පිස්තෝලය නිරන්තරයෙන් භාවිතා කොට ඇති අතර එහි තිබෙන අංක සැකකරු විසින් මකාදමා ඇත.

 

 

 



අදහස් (0)

ආයුධ රැගෙන ආ පුද්ගලයා සොයා පැය 17 ක මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site