කෑස්බෑවන් මස් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට දුර්ලභ වර්ගයේ බටු කැස්බෑවන් තිදෙනකු මරා මස් කිරීමට ළඟ තබා ගෙන සිටි පුද්ගලයකු අද (7) අත්අඩංගුවට ගත් බව මාරවිල මුලස්ථාන පොලිසිය පවසයි. 07 January 2019
මුලතිව් වෙරළට ඉන්දීය ධීවර දැල් ගොඩගසයි මුලතිව් නයාරු මුහුදු වෙරළට ඊයේ (06) සවස ඉන්දියානු දැල් ආම්පන්න තොගයක් ගොඩගසා තිබූ බව මුලතිව් පොලීසිය පවසයි. 07 January 2019
කලවානේ යතුරුපැදි අනතුරකින් තිදෙනෙකුට තුවාල කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ වේවැල්කඳුර ප්‍රදේශයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 07 January 2019
බෝම්බ-ගිනි අවි සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට වව්නියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේදී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පලා ගිය සැකකරුගේ නිවස හා අවට කළ සෝදිසි මෙහෙයුමකදී තවත් බෝම්බ හා ගිනිඅවියක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි. 07 January 2019
වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙක් මරුට ගාලදිවුල්වැවදි වන අලියෙකුගේ පහර දිමෙන් 62 හැවිරිදි පුද්ගලයෙකු අද (07) මියගිය ගොස් ඇතැයි එප්පාවල පොලීසිය පවසයි. 07 January 2019
අනතුරකින් අයෙක් මරුට ට්‍රැක්ටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (06) හිඟුරාන මුවන්ගල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ටැක්ටර් රථයේ ක්‍රියාකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව දමන පොලීසිය කියයි. 06 January 2019
සිංහරාජයේ අලි දෙදෙනාට නැවතත් ජීවිත තර්ජන සිංහරාජ වනාන්තරයේ අලි දෙදෙනාගේ ජීවිත නැවතත් තර්ජිත තත්ත්වයට පත්ව ඇතැයි ද විධිමත් ක්‍රමවේදයකින් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සඳහන් කරමින් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත. 06 January 2019
දක්ෂිණ අධිවේගයේ ඉවතලන කොන්ක්‍රීට් තට්ටුවක් ඇඟට වැටී තරුණයෙක් මරුට මාතර හම්බන්තොට නව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉවතලන කොන්ක්‍රීට් තට්ටුවක් ඇඟ මතට කඩා වැටීමෙන් එහි සේවකයෙකු අද (06) දහවල් මියගොස් ඇති බව තිහගොඩ පොලීසිය පවසයි. 06 January 2019
ව්‍යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් සමඟ පුද්ගලයකු අද (6) පොලොන්නරුව, කදුරුවෙල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 06 January 2019
සැකකරුවකුට ආයුධ සැපයූ පුද්ගලයෙක් අත්අඩංගුවට වවුනියාව , පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේදී අතුරුමාර්ගයක අත්බෝම්බ, පිස්තෝල සහ එම පිස්තෝලයට යොදන ජීව උණ්ඩ සමඟ අත්බෑගය දමා පලාගිය සැකකරුට ආයුධ සැපයූ බව කියන පුද්ගලයකු වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලිසිය කියයි. 06 January 2019
ආගරපතන කඳුවැටියේ ගින්නක් පොලිස් වසමට අයත් ආගරපතන කඳුවැටියේ ගින්නක් හට ගෙන ඇති බව ආගරපතන පොලිසිය පවසයි. 06 January 2019
විලච්චියේ වට්ටක්කා ගොවීන්ට නරක කාලයක් විලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පදිංචි ගොවින් අක්කර දහසකට අධික භුමි භාගයක වගා කරනු ලැබු වට්ටක්කා අලෙවි කර ගැනිමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 06 January 2019
සුනඛයා මැරූ පුද්ගලයාට ඇප මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේ දී නිවසක කූඩුවක සිටි සුනඛයකු ගිනි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැරීමට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ස්වර්ණා කාන්ති මහත්මිය නියෝග කළාය. 06 January 2019
රිය අනතුරු දෙකකින් දෙදෙනකු මරුට දිවුලපිටිය මීරිගම මාර්ගයේ කිතුල්වල වෙද හංදියේදී හා දිවුලපිටිය ගම්පහ මාර්ගයේ කොරසේ පාසල් හන්දියේදී සිදුවූ රිය අනතුරු දෙකකින් යතුරු පැදිකරුවකු හා යතුරුපැදිකාරියක මියගොස් තුවාල ලැබු තවත් අයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 06 January 2019
යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට මාර්ගයේ ගමන් ගනිමින් සිටි 84 හැවිරිදි තිදරු පියෙකු මොරගොඩ ආසන්නයේ දී යතුරුපැදියක ගැටීමෙන් මිය ගොස් ඇතැයි තලාව පොලිසිය කියයි. 06 January 2019
පුදුකුඩුඉරිප්පු රක්ෂිතයේ පලු දැව ජාවාරමක් වටලයි මුලතිව් පුදුකුඩඉරිප්පු පොලිස් වසමේ වල්ලිපුණම් ඉඩෙයික්කාඩු රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය පලු දැව ජාවාරමක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පුදුකුඩඉරිප්පු පොලිසිය පවසයි. 06 January 2019
කන්ටේනර් රියක් පාරෙන් ඉවතට පැනීමෙන් දෙදෙනෙකු මරුට කඳාන මීගමුව - කොළඹ මාර්ගයේ වැලිගම්පිටිය හන්දිය අසලදී මීගමුව දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල නවතා තිබූ ලොරියකද ගැටී නිවසකට කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගිය බව කඳාන පොලිසිය කියයි. 05 January 2019
රථවාහන පාලිකා පරිපාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ කොළඹ නගරයේ රථවාහන ගාල්කිරීමේ ස්ථාන විධිමත්ව පවත්වාගෙන යාම හා කලමනාකරණය කිරීමඅරමුණු කරගනිමින් කොළඹ මහ නගර සභාව අලුතින් ඉදිකරන ලද රථවාහන පාලිකා පරිපාලන මධ්‍යස්ථානය කොළඹ 10 ටී.බී. ජයා මාවතේදී අද (05) කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය විසින් විවෘත කළ අයුරු... 05 January 2019
වනවගා භූමි ප්‍රදේශයක් ගින්නකට හසුවේ ඇල්ල හෙළ හල්පේ කිරින්ද ප්‍රදේශයේ රජයේ වන වගාවක අද (05) ඇතිවූ හදිසි ගින්නකින් එම වන වගාවේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතයි ඇල්ල පොලීසිය පවසයි. 05 January 2019
විදුලි කම්බියක දැවටී වන අලියෙකු මරුට කොස්ලන්ද නැව්ආර ප්‍රදේශයේ ගෙවත්තකට ඇද තිබූ අනවසර විදුලි කම්බියක දැවටීමෙන් වන අලියෙකු අද (05) මියගොස් ඇතයි කොස්ලන්ද පොලීසිය පවසයි. 05 January 2019
ලක්ෂ 10ක හෙරොයින් අරුක්ගොඩින් අසුවෙයි පානදුර අරුක්ගොඩ වටරවුම් පාරේදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු පැකට 1000ක් හා පැකට් කිරීමට ගන්නා උපකරණ සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය කියයි. 05 January 2019
ලක්ෂ 13ක හෙරොයින් මග්ගොනදී අල්ලයි පයාගල මග්ගොන දුම්රියපළ අසලදී රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු ළඟ තබාගෙනගිය කරණවෑමියකු අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාශ දූෂණ මර්ධන අංශය කියයි. 05 January 2019
විදුලි බල ඇමැති නොරොච්චෝල තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක විදුලි පාරිභෝගිකයාට විසන්ධියෙන් තොර ප්රමිතගත විදුලි සේවාවක් ලබා දෙන බවත් වාර්ශිකව ජාතික විදුලි බල පද්ධතියට එක්වන මෙගා වෝට් මිලියන 14.5 න් තුනෙන් එකක්ම නිපදවන ලක් විජය බලාගාරයේ උන්නතිය වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි සොයා බලන බවත් විදුලි බල,බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා අද (04) නොරොච්චෝල ගල් අගුරු තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවැසීය. 04 January 2019
පානදුර තොටවත්තේදී පොලිසිය - ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ආරක්ෂක හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් පැද වූ පුද්ගලයකුට දඬ පත්‍රිකාවක් ලබා දීමේ සිද්දියක් මුල් කරගෙන පොලිස් නිලධාරීන් දෙදෙනකු රඳවාගෙන සිටි පානදුර තොටවත්ත ප්‍රදේශවාසීන් හා පොලිසිය අතර ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට සිදු වූ බව පානදුර උතුර පොලිසිය කියයි. 04 January 2019
කදුරුවෙල වෙළෙඳ සංකීර්ණයක ගින්නක් පොලොන්නරුව,කදුරුවෙල නගරයේ පිහිටි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලක අද (04) පස්වරුවේ ගින්නක් හටගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 04 January 2019
ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී ඉන්දු - ලංකා සංස්කෘතික වැඩසටහනක් ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ළමුන් පිරිසක් ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී අද (04) සංස්කෘතික සන්දර්ශනයක් සඳහා එක්වූහ. 04 January 2019
‘සේනා’ බඩ ඉරිඟු කරළේ සැඟවී නගරයට එයි නගරාසන්න මාර්ග දෙපස පවත්වා ගෙන යනු ලබන කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථානවල අලෙවි කරන බඩ ඉරිඟු කරල් තුළ ’’සේනා’’ නම් වූ ආක්‍රමණශීලී දළඹු විශේෂය සිටින බව සොයාගැනීමට කුඩාවැව ගොවිජන සේවා කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීහු සහ ගොවිජන සේවා නිලධාරීහු පිරිසක් සමත් වූහ. 04 January 2019
ගරාවැටුණු ගොඩනැගිල්ලක තිබී මළසිරුරක් හමුවේ පානදුර මුහුදු වෙරළ ආසන්නයේ ගරාවැටුණු ගොඩනැගිල්ලක් තුළ සැක කටයුතු අන්දමින් මියගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(04) සොයාගත් බව පානදුර පොලිසිය කියයි. 04 January 2019
ගාල්ලේ මව්පියවරු පාරට බසිති ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට තම දරුවන් ඇතුළත් කර නොගත්තා යැයි කියමින් ගාල්ලේ දෙමාපියන් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවය අද (4) තෙවැනි දිනටත් එම විද්‍යාලය ඉදිපිටට පැවැත්විණ. 04 January 2019
අ‘පුර ගිලන් රථ සේවකයෝ වැඩ වරති මේ වන විට ස්ථාන මාරුවීම් ලබා සිටින ගිලන් රථ රියදුරන්ගේ ස්ථාන මාරුවීම් වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරෝ අද (04) වැඩ වර්ජනයක් ඇරැඹුහ. 04 January 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026