IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


බෝම්බ-ගිනි අවි සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

( රොමේෂ් මධුෂංඛ)


වව්නියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පලා ගිය සැකකරුගේ නිවස හා අවට කළ සෝදිසි මෙහෙයුමකදී තවත් බෝම්බ හා ගිනිඅවියක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.


ප්‍රධාන සැකකරුගේ බෑගයේ තිබී හමු වූ ජංගම දුරකතන පරීක්ෂාවෙන් හෙළි කරගත් තොරතුරුවලට අනුව පළමුව කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පුලියන්කුලම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන  තිබේ.


අනතුරුව අදාළ සැකකරුවන්ගෙන් ලැබුණු  තොරතුරුවලට අනුව ඊයේ (06) සවස් වනතුරු පුලියන්කුලම් පොලීසිය හා යුද හමුදාව ඒකාබද්දව කරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව පලාගිය ප්‍රධාන සැකකරු පදිංචිව සිටි බවට ද සැකකෙරෙන අත්අඩංගුවට ගත් සැකකාරියගේ නිවස හා අවට කරන ලද සෝදිසි මෙහෙයුමකදී තවත් ටී56 ගිනිඅවියක් හා මෝටාර් බෝම්බ දෙකක් හමුවී ඇත.

පලාගිය ප්‍රධාන සැකකරුට අවශ්‍ය මුදල් හා දුරකතන පහසුකම් ලබා දුන් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකරුට නවාතැන් දුන් නිවසේ සිටි කාන්තාවක් මෙලෙස පුලියන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කොට පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගය මත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.


මේ අතර පලා ගිය සැකකරුට සහය දුන් තවත් සැකකරුවෙකු පසුගිය 05 වනදා වවුනියාව පොලිස් කොට්ඨාශ නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


පසුගිය පළමුවනදා පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක ප්‍රධාන සැකකරු විසින් දමා ගිය බෑගයේ තිබී අත්බෝම්බ හතරක්, නවීන පන්නයේ මයික්‍රෝ පිස්තෝලයක්, මැගසින් එකක්, මිලිමීටර් 9  ජීවි පිස්තෝල උණ්ඩ 18ක් , මාලිමා යන්ත්‍රයක්, ජංගම දුරකතන දෙකක්, සෝල යන්ත්‍රයක්, හා කැලේ ජීවිත් වීමට හැකි වේදනානාශක බෙහෙත්පෙති, දත් බුරුසුවක්,දත් බෙහෙත් හා සරම් කිහිපයක් විවිධ වූ කෑම හා ඇඳුම් තොගයක් හමු වී ඇත.


පලාගිය ප්‍රධාන සැකකරු යුද සමයේදී කොටි සංවිධානයේ ප්‍රභල සාමාජිකයෙකු බව ද පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.



අදහස් (0)

බෝම්බ-ගිනි අවි සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32001 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14455 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11227 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 22 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 283 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1229 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site