රොමේෂ් මධුෂංඛ
මුලතිව් පුදුකුඩඉරිප්පු පොලිස් වසමේ වල්ලිපුණම් ඉඩෙයික්කාඩු රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය පලු දැව ජාවාරමක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පුදුකුඩඉරිප්පු පොලිසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් රක්ෂිතයේ රැකවල් යොදාගෙන සිටියදී ට්‍රැක්ටරයකින් අදාළ ඉරන ලද පලු දැව 154 ක් පටවාගෙන එමින් සිටියදී වැටලීම සිදු කර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී ට්‍රැක්ටරයේ රියදුරු පලා ගොස් ඇති අතර පසුව ට්‍රැක්ටරයේ හිමිකාරීත්වය අනුව පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පුදුකුඩුඉරිප්පු පොලීසිය සමත් වුහ.
ඉඩෙයික්කාඩු රක්ෂිතය තුළදීම පලු ගස් කපා රක්ෂිතය තුළම ඉරා දැව කර ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබියදී මෙසේ දැව ජාවාරම අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුදුකුඩුඉරිප්පු රක්ෂිතයේ පලු දැව ජාවාරමක් වටලයි