IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගාල්ලේ මව්පියවරු පාරට බසිති

(සිරංගිකා ලොකුකරවිට) 
 
 
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට තම දරුවන් ඇතුළත් කර නොගත්තා යැයි කියමින් ගාල්ලේ දෙමාපියන් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවය අද (4) තෙවැනි දිනටත් එම විද්‍යාලය ඉදිපිටට පැවැත්විණ.
 
මෙලෙස විරෝධතාවයේ නිරතව සිටින්නේ ගාල්ල නගරයේ වෙල්සන්පුර ස්ථිර පදිංචිකරුවන් පිරිසකි. 
 
ඔවුන් පවසන්නේ තමන් දශක ගණනාවක් තිස්සේ වෙල්සන්පුර පදිංචිව සිටියදී වලංගු ඔප්පු නැතැයි කියමින් දරුවන් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට ඇතුළත් කර නොගන්නා බවයි.
 
මෙය බලවත් අසාධාරණයක් බවත් එයින් තම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් මෙම දෙමාපියෝ චෝදනා කරති.
 
මේ සම්බන්ධව අදහස් දක්වමින් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනී සන්ධ්‍යා පතිරවසම් මහත්මිය පවසන්නේ තමන් චක්‍රලේඛ අනුව කටයුතු කර ඇති බවයි. මේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්වත් කර ඇති බවද එම උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදුකරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (0)

ගාල්ලේ මව්පියවරු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site