(දියතලාව - ඩී.කේ.රත්න)
කොස්ලන්ද නැව්ආර ප්‍රදේශයේ ගෙවත්තකට ඇද තිබූ අනවසර විදුලි කම්බියක දැවටීමෙන් වන අලියෙකු අද (05) මියගොස් ඇතයි කොස්ලන්ද පොලීසිය පවසයි.
හම්බෙගමුව ප්‍රදේශයේ වන රක්ෂිතවල ජීවත්වන වන අලියකු ගම්වැදීම නිසා මෙසේ නැව්ආර ප්‍රදේශයේ පුද්ගලයෙකු ඇද තිබූ විදුලි කම්බියක දැවටීමෙන් අලියා මෙසේ මිය ගොස් ඇත.
මෙම වන අලියා වයස අවුරුදු 15ක් පමණ වන බවද පොලීසිය කියයි.
කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් දයාසිරි මහතාගේ උපදෙස් පරිදි කොස්ලන්ද පොලීසියේ සහ වනජීවී නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි තිබෙන ඡායාරූපය දැකීමෙන් පැරණි කවි පන්තියක පද කීපයක් මතකයට නැගෙනවා .අප සියල්ලොගේම සිත්වලට මෙම අහිංසක සතුන් පිලිබදව යම්කිසි හෝ අනුකම්පාවක් ඇතිවේව යන්න සිතමින් පද කීපයක් ලියන්නෙමි. කුමටද අම්මේ අම්මට ගැහුවේ... මාමල දෙන්නෙක් වටකරලා... ඇගපත තැලිලා රිදෙනවා ඇතිනේ .. කොච්චර ගැහුවද බැද දමලා..