( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය මීරිගම මාර්ගයේ කිතුල්වල වෙද හංදියේදී හා දිවුලපිටිය ගම්පහ මාර්ගයේ කොරසේ පාසල් හන්දියේදී සිදුවූ රිය අනතුරු දෙකකින් යතුරු පැදිකරුවකු හා යතුරුපැදිකාරියක මියගොස් තුවාල ලැබු තවත් අයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බාඳුරාගොඩ මිල්ලගහවත්තේ ගීතානි හේමකාන්ති 47 නැමැති දෙදරු මවක හා උඩුගම්පල දොරණාගොඩ චමින්ද මධුරංග 24 නැමති තරුණයෙකි.
මියගිය කාන්තාව ඊයේ (5 ) රාති‍්‍ර 11.20 ට පමණ යතුරු පැදිය පදවාගෙන යද්දී ති‍්‍රරෝද රියකට ඉස්සර කරන අවස්ථාවේ යතුරු පැදිය පාරෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව මූලික පරීක්ෂණවලදී හෙලිවී ඇත.
මියගිය කාන්තාවගේ මරණ පරීක්ෂණය වේයන්ගොඩ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ අද ( 6 ) වතුපිටිවල මූලික රෝහලේදී පවත්වනු ලැබීය.
මියගිය තරුණයා ඊයේ 5 රාති‍්‍ර 9.45 ට පමණ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ඔහු පැදවූ යතුරු පැදිය ඉදිරියෙන් ගිය කැබ් රියක ගැටී අනතුරට ලක්ව තුවාල ලබා ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාර කර යවා එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරු දෙකකින් දෙදෙනකු මරුට