(සිරංගිකා ලොකුකරවිට)
ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ළමුන් පිරිසක් ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී අද (04) සංස්කෘතික සන්දර්ශනයක් සඳහා එක්වූහ.
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ශාන්ත මාර්ක් ද්විතීය පාසලේ ළමුන් 10 දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු මෙම වැඩසටහන සඳහා පැමිණ සිටියහ. ඔවුහු සිරිධම්ම විද්‍යාලයේ ළමුන් හා එක්ව දෙරටේ සංස්කෘතිකාංග ඇතුළත් මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලැබූහ.
ඉන්දියාවේ සිට පැමිණි ළමුන් පිරිස දින හයක් ගාල්ලේ රැඳී සිටින අතර ඔවුන් සිරිධම්ම විද්‍යාලයේ ළමුන් 10 දෙනකුගේ නිවෙස් වල නැවතී සිටිමින් ශ්‍රී ලාංකික සිරිත් විරිත්, ආහාර රටාවන් හා භාෂාව සම්බන්දව අවබෝධයක් ලබා ගැනීමට නියමිතය. ගාල්ලේ වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා මොවුන් රැගෙන යෑමටද සැලසුම් කර ඇත.
මෙම වැඩසටහනේ දෙවන පියවර වශයෙන් සිරිධම්ම විද්‍යාලයේ සිසු සිසුවියන් 10දෙනා ඉන්දියාවේ මෙවැනිම වාරිකාවකට එක්වීමට නියමිතය.
සිරිධම්ම විද්‍යාලයේ විදුහල්පති රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ අධීක්ෂණය යටතේ වැඩසටහන පැවැත්විණ.විද්‍යාලයේ ආචාරිණී තරංගා කඹුරාවල මහත්මිය වැඩසටහන සම්බන්ධීකරණය කළාය.


2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී ඉන්දු - ලංකා සංස්කෘතික වැඩසටහනක්