මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන් මසුන් මැරීම පිණිස තෙප්පමකින් මුහුදු ගිය ධීවර කාර්මිකයෙකු ඊයේ ( 11 දා ) රාත්‍රියේ සිට අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලද බව හලාවත පොලිසිය කියයි. 12 January 2019
අ’පුර නගර සබේ කමිටු 6 ක සාමාජිකයන් රහස් ඡන්දයෙන් පත්කරයි අනුරාධපුර මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම වරට රහස් ඡන්දයකින් ස්ථාවර කමිටු හයක් සඳහා සාමාජිකයන් පත්කර ගැනීම අද (11) සිදුවිය. 11 January 2019
ගුරු හිඟය පියවන්නැයි දෙමව්පියෝ උද්ඝෝෂණයක කලවාන ප්‍රාථමික විද්‍යාලයක ගුරු හිඟය පියවන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසුසිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් අද(11) රන්වාන පොතුපිටිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වූහ. 11 January 2019
මුවමස් කිලෝ 5ක් සමඟ හෝටල්හිමියකු අල්ලයි හම්බන්තොට මිරිජ්ජවිලදී මුවමස් කිලෝ 5 ක් සමඟ හෝටල් හිමියකු නාවික හමුදාව හා වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව නාවික හමුදාව කියයි. 11 January 2019
මත්කුඩු සමඟ 7ක් අත්අඩංගුවට මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයන් හත් දෙනෙකු ශ්රාවස්තිපුරදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 11 January 2019
ලංගමයේ බසයකට බෝතල් ප්‍රහාර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට නැකැත්තේගමදී කිසියම් පිරිසක් විසින් බෝතල් ප්‍රහාරයක් එල්ල පලා ගොස් ඇතැයි නොච්චියාගම පොලීසිය කියයි. 11 January 2019
මෝටර් රථ සේවා සපයන ආයතනයක ගින්නක් ගාල්ල පෙට්ටිගලවත්තේ පිහිටි ටයර් අලෙවිසැළක් සමඟ පවත්වාගෙන ගිය මෝටර් රථ සඳහා සේවා සපයන ආයතනයක ඊයේ (10) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් එම ආයතනයේ දේපල සම්පුර්ණයෙන් විනාශ වි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 11 January 2019
ගිනිඅවියක් සමඟ දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගිරාඳුරුකෝට්ටේ බතලයායේදී මෙරට නිශ්පාදිත ගිනි අවියක් ත්‍රීරෝද රියකින් රැගෙන යමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය කියයි. 10 January 2019
දික්වැල්ල කෝට්ටගොඩදී දෙදරු මවක් ඝාතනය කෙරේ දික්වැල්ල කෝට්ටගොඩ සුදුවැල්ල ප්‍රදේශයේ දී අද(10) රාත්‍රී තිස් පස් හැවිරිදි දෙදරු මවක් ඝාතනය කර ඇති බව දික්වැල්ල පොලිසිය කියයි. 10 January 2019
වස්කඩුවේදී දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට අද (10)පස්වරු 5.50ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇත. 10 January 2019
කැස්බෑ මස් කිලෝ 3 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කැස්බෑවකු මරා මස් කිලෝ 3 යි ග්‍රෑම් 185 ක් ගමන් මල්ලක රැගෙන යමින් සිටි පුද්ගලයකු මන්නාරම පේසාලේ වල්ලේපාඩු ප්‍රදේශයේ දී අද (10) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 10 January 2019
අත්යන්ත්‍ර රෙදිපිළි ප්රදර්ශනාගාරයක් ලබුදූවේදී විවෘත කෙරේ දකුණු පළාතේ අත්යන්ත්‍ර රෙදිපිළි ව්‍යාවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ‘රුහුණු රන්සළු‘ නමින් ප්රදර්ශනාගාරයක් ගාල්ල ලබුදූව දී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 10 January 2019
රජරට සරසවි සිසුහු උද්ඝෝෂණයක රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් අද(10) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. 10 January 2019
රට ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 10 January 2019
නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කළ නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කිරීම කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අතින් අද (10) සිදු කෙරිණි. 10 January 2019
හැටන් ලඳු කැලෑවක ගින්නක් හැටන් පොංනගර් ප්‍රදේශයේ ලඳු කැලෑවක ගින්නක් හටගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 10 January 2019
ආයූර්වේද සම්භාහන මධ්‍යස්ථාන හතරක් වටලයි ආයූර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ නිත්‍යනුකූල බලපත්‍ර නොමැතිව අහංගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන හතරක් වටලා දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 10 ක් අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 10 January 2019
නේවාසිකව ප්‍රතිකාර ගත් සිසුවකු අපයෝජනය කළ සේවකයෙක් අත්අඩංගුවට සෙම රෝගයකට ප්‍රතිකාර ගැනිම සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහලේ නාන කාමරයේ දී අපයෝජනය කිරිම සම්බන්ධයෙන් එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 10 January 2019
කෝටි තුනක කේරල ගංජා සමඟ ධීවරයකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රැගෙන ආ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 184 සමඟ ධීවරයකු අද (10) අලූයම මන්නාරම වංකාලේ මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 10 January 2019
බණ්ඩාරවෙල රක්ෂිතයක ගින්නක් බණ්ඩාරවෙල මාතැටිල්ල වනාන්තර රක්ෂිතයක අද (10) අලුයම ඇති වූ ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශවී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 10 January 2019
දුම්රිය මගීන්ගේ දුරකථන සොරාගත් අයෙක් දැලේ දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකථන සොරාගත් සැකකරුවකු ජංගම දුරකතන 45 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි. 10 January 2019
ව්‍යාජ නෝට්ටු සමඟ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට රුපියල් 5000 ව්‍යාජ නොට්ටුවක් සමඟ තරුණයන් දෙදෙනෙකු කිලිනොච්චි ධර්මපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ධර්මපුර්ම් පොලිසිය කියයි. 10 January 2019
කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාලය කැඩු දෙදෙනෙක් අත්අඩංගුවට පොළට ගොස් ආපසු සිය යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි රුපියල් 65000ක් වටිනා රන් මාලය සහ පෙන්ඩනය වැලිපිටිය හන්දියේදී වෙනත් යතුරුපැදියකින් පැමිණ කඩා ගෙන පලා ගිය කොල්ලකරුවන් දෙදෙනෙකු වීරකැටිය හිඟුරමුලනේ දී අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලිසිය පවසයි. 09 January 2019
කොන්ක්‍රීට් කණුවක් ඇඟට කඩාවැටීමෙන් පාසැල් සිසුවෙක් මියයයි ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කණුවක් ඇඟට කඩාවැටීමෙන් පලාගල බුදුගේහින්න මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවකු අද (09) මරණයට පත්වී ඇති බව ගල්කිරියාගම පොලිසිය කියයි. 09 January 2019
කොම්පෝස්ට් ව්‍යාපෘතියකට විරෝධය දක්වා අලවතුගොඩ ප්‍රදේශවාසීහු සත්‍යග්‍රහයක අකුරණ ප්‍රාදේශීය සභාව මගින් අලවතුගොඩ යහලුගහවෙල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කොම්පෝස්ට් ව්‍යාපෘතියක් හේතුවෙන් තමන්ට දැඩි පාරිසරික මෙන්ම සෞඛ්‍යමය ගැටළුවලට මුහුණ දීමට සිදුව තිබෙන බව ප්‍රකාශ කරමින් එම ප්‍රදේශයේ ජනතාව කොම්පෝස්ට් ව්‍යාපෘතියට විරුද්ධව සත්‍යග්‍රහයක නිරතව සිටිති. 09 January 2019
මහනුවර වෙළඳ සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයා - බිරිඳ ශල්‍යකර්මයකට මහනුවර යටිනුවර වීදියේ පිහිටි මහල් යහකින් යුත් ව්‍යාපාරික ගොඩනැගිල්ලක ඉහළ මාලයේ පිහිටි නිවසක ඊයේ (08) ඇතිවූ ගින්නෙන් තුවාල ලැබූ රාමරාජ් මහතා සහ ඔහුගේ බිරිඳ අද (09) මහනුවර මහ රෝහලේදී ශල්‍ය කර්මයකට ලක් කළ බව මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය නිස්සංක විජේවර්ධන මහතා පැවැසීය. 09 January 2019
බැරලයක් පාස්සමින් සිටි පුද්ගලයෙකු එය පිපිරීමෙන් මරුට ඉදිවෙමින් පවතින මාතර මත්තල අධිවේගී මාර්ගයේ ගැටමාන්න තැන්නපල්ලමේ පිහිටි පෞද්ගලික ඉදිකිරීම් සමාගමකට අයත් වැඩබිමකදී අද (09) ගෑස් මගින් හිස් බැරල් එකක් පෑස්සුම් කරමින් සිටි වෑල්ඩින්කරුවෙකු එම බැරල් එක පිපිරීමෙන් සිදු වූ පිලිස්සීම් හේතුවෙන් මරණයට පත් වී ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි. 09 January 2019
ඉලුක්පිටියේදී වනඅලියකුට වෙඩි වැදී තුවාල කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබන ලද වන අලියෙකු තුවාල ලබා දියසෙන්පුර අරුණගම ඉලුක්පිටිය ගම්මානයේ වැටී සිටින බව මැදිරිගිරිය වන ජීවී කාර්යාලය පවසයි. 09 January 2019
තාවකාලික රියදුරු බලපත්‍රයේ පිටපත සොරාගත් රියදුරකු අත්අඩංගුවට බොරැල්ල පොලිසිය රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලබාදුන් තාවකාලික රියැදුරු බලපත්‍රයේ පිටපත සොරාගත් පෞද්ගලික බස් රථ රියැදුරකු අද(09) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 09 January 2019
යතුරුපැදියක් ලොරියක හා ටිපර් රථයක ගැටී දෙදෙනෙක් මරුට හයිලෙවල් මාර්ගයේ මීපේ මාවතගම ප්‍රදේශයේදී අද (09) සවස යතුරුපැදියක්, ලොරි රථයක හා ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 09 January 2019
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025