(අශෝක තිලකරත්න)
පොළට ගොස් ආපසු සිය යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි රුපියල් 65000ක් වටිනා රන් මාලය සහ පෙන්ඩනය වැලිපිටිය හන්දියේදී වෙනත් යතුරුපැදියකින් පැමිණ කඩා ගෙන පලා ගිය කොල්ලකරුවන් දෙදෙනෙකු වීරකැටිය හිඟුරමුලනේ දී අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලිසිය පවසයි.
සැකකරුවන් ළඟ තිබී මංකොල්ලකන ලද රන් මාලය සහ පෙන්ඩනය ද ඒ සඳහා යොදා ගත් යතුරුපැදිය ද මීට පෙර ඕකෙවෙල දී රන්මාලයක් කොල්ලකෑමට යොදා ගත් වෙනත් යතුරු පැදියක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd