සුමතිපාල දීයගහගේ
සෙම රෝගයකට ප්‍රතිකාර ගැනිම සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහලේ නාන කාමරයේ දී අපයෝජනය කිරිම සම්බන්ධයෙන් එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
සෙම රෝගයකට ප්‍රතිකාර ගැනිම සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම සිසුවා රාත්‍රී රෝහලේ නාන කාමරයට ගිය විට එම නාන කාමරයට ඇතුළු වූ සේවකයකු විසින් තමා අපයෝජනය කළ බව සිසුවා තම මවට දැනුම් දී ඇත.
ඒ අනුව සිසුවාගේ මව විසින් ඇල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (10) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd