සිතුම් චතුරංග
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රැගෙන ආ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 184 සමඟ ධීවරයකු අද (10) අලූයම මන්නාරම වංකාලේ මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
මන්නාරම නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත එම නිලධාරීන් සිදුකළ වැටලීමකදී කේරළ ගංජා සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ ධීවර බෝට්ටුවෙන් කේරළ ගංජා රැගෙන ආ තවත් පුද්ගලයින් දෙදෙනකු එම බෝට්ටුවද රැගෙන අදාළ ස්ථානයෙන් පලාගොස් ඇති බවද සඳහන් කළේය.
ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිලදී ගෙන කේරළ ගංජා තොගය මෙරටට රැගෙනවිත් තිබූ බවද පොලිසිය කීය.
සොයාගත් කේරළ ගංජා පොහොර මළු පහක් තුළ ජලය කාන්දු නොවන ලෙස ඇසුරුම් කළ තිබේ.
සැකකරු මන්නාරම , උයිලන්කුලම නොච්චියකුලම් පදිංචි 28 හැවිරිදි ධීවරයකු වේ.
(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කෝටි තුනක කේරල ගංජා සමඟ ධීවරයකු අත්අඩංගුවට