( අශෝක තිලකරත්න)
ඉදිවෙමින් පවතින මාතර මත්තල අධිවේගී මාර්ගයේ ගැටමාන්න තැන්නපල්ලමේ පිහිටි පෞද්ගලික ඉදිකිරීම් සමාගමකට අයත් වැඩබිමකදී අද (09) ගෑස් මගින් හිස් බැරල් එකක් පෑස්සුම් කරමින් සිටි වෑල්ඩින්කරුවෙකු එම බැරල් එක පිපිරීමෙන් සිදු වූ පිලිස්සීම් හේතුවෙන් මරණයට පත් වී ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ රාගල කඩ වීදියේ පදිංචි එම්.කේ.හතරසිංහ නැමැති 55 හැවිරිදි අයෙකි.
මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය බෙලිඅත්ත හදිසි මරණ පරික්ෂක කේ.කේ.සඳසිරි රණසිංහ මහතා විසින් අද (09) පැවැත්වූ අතර බෙලිඅත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd