(ජේ.කේ.එල්.චාමින්ද)
ගාල්ල පෙට්ටිගලවත්තේ පිහිටි ටයර් අලෙවිසැළක් සමඟ පවත්වාගෙන ගිය මෝටර් රථ සඳහා සේවා සපයන ආයතනයක ඊයේ (10) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් එම ආයතනයේ දේපල සම්පුර්ණයෙන් විනාශ වි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත.
ගිනි නිවන ඒකකය හා නාවික හමුදාව එක්ව ගින්න නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් ගත් අතර අද (11) අළුයම 5.00 පමණ වනවිට එය සම්පුර්ණයෙන් පාලනය කිරීමට හැකිවී ඇත.
ගිනි නිවන රථ 04ක් පමණ මේ සඳහා යොදවා තිබිණි.
විදුලි කාන්දුවක් මෙම ගින්නට හේතුවී ඇතැයි පොලිසිය සැක පළ කරයි.
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථ සේවා සපයන ආයතනයක ගින්නක්