IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ

(රංජිත් රාජපක්ෂ)                        

වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කළ නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කිරීම කඳුරට නව ගම්මාන,  යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අතින් අද (10) සිදු කෙරිණි.  
                           
දිඹුල පොලිස් වසමට අයත් මවුන්වනන් වතුයායේ ඉදි කළ නිවාස 50 ක් සහ බෝගහවත්ත ප්‍රදේශයේ ඉදි වූ නිවාස 55 ක් මෙසේ වතු කම්කරු අයිතියට පත් කර තිබේ.                                                  

මෙම එක් නිවාසයක් සඳහා එම අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 10ක් ප්‍රතිපාදන වැය කර ඇති අතර එම නිවාස සියලු පහසුකම්වලින් ද සමන්විත වෙයි.  
         
වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස  50,000ක් මේ වන විට නුවරඑලිය, බදුල්ල, රත්නපුර , කැගල්ල, මහනුවර , ගාල්ල, කළුතර යන දිස්‍ත්‍රික්කවල ඉදි කරමින් පවතී.

එම නිවාස කඩිනමින් ඉදි කර වතු  කම්කරු අයිතියට පත් කරන බව මෙම අවස්ථාවේ පැවති ජනහමුවේදි අමාත්‍යවරයා කියා සිටියේය.    
 මෙම නිවාස සඳහා රජය මගින් හිමිකම් ඔප්පුවක්ද ලබාදීමට නියමිතය.

 



අදහස් (0)

නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site