ආණමඩුව ප්‍රා සභාව උණුසුම් වෙයි ආණමඩුව සතිපොළ සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් අද (16) ආණමඩුව ප්‍රාදේශීය සභාවේ රැස්වීම උණුසුම් තත්වයක් ඇතිවිය. 16 January 2019
අධිවේගී මඟේදී ව්‍යාපාරිකයා පැහැරගත් තිදෙනා රිමාන්ඩ් අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(16) නියෝග කළේය. 16 January 2019
කැස්බෑ මස් ළඟ තබා ගත් මවට - දුවට සිරදඬුවම් කැස්බෑ මස් හා බිත්තර තොගයක් ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන සිටි මව සහ ඇයගේ දියණියට වසරක් බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට හලාවත අතිරේක විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා නියෝග කළේය. 16 January 2019
සේනා මර්දනයට ජාතික වැඩපිළිවෙළක් බඩ ඉරිඟු සහ උක් වගාවේ ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා අද(16) සිට මේ මස 31 වැනිදා දක්වා සති දෙකක ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. 16 January 2019
ත්‍රි රෝද රථයක් ගසක වැදී පුද්ගලයකු මරුට විල්ගමුව පොලිස් වසමට අයත් මැදකන්ද හංදිය ආසන්නයේ දී ත්‍රි රෝද රථයක් ගසක වැදීමෙන් එහි ගමන් ගත් රියදුරු මියගිය බව පොලිසිය කියයි. 16 January 2019
තරුණයන් දෙපිරිසක් අතර ගැටුමින් තිදෙනෙකු රෝහලේ වාහනයක යතුරක් බලහත්කාරයෙන් ගලවා ගැනීමක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක ප්‍රතිඵලයක් ලෙස නාඋල - හබරගහමඩ ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇතැයි නාඋල පොලිසිය කියයි. 16 January 2019
රන්දොබේ වෙරළෙන් හමු වු අත් බෑගයේ හිමිකාරිය සොයා පරීක්ෂණ අම්බලන්ගොඩ රන්දොබේ මුහුදු තීරයේ පාවහන් යුගලක, බෑගයක් සහ දුරකතනයක් තිබී හමුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය සහ ගාල්ල නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ. 16 January 2019
පාර මාරුවෙමින් සිටි අයෙක් රිය අනතුරකින් මරුට හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දිය ආසන්නයේ දී පාර හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මිය ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි. 16 January 2019
වටරැක අනතුරින් බිලිඳා මියයයි පාදුක්ක - කොළඹ මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේ දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කළ බිලිඳා මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 16 January 2019
වැලි ගොඩ දැමූ දෙදෙනෙක් අත්අඩංගුවට නීතිවිරෝධි ලෙස ගිං ගඟේ වැලි ගොඩ දමමින් සිටි දෙදෙනෙක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමඟ එහි රියදුරු ද අත්අඩංගුවට ගත් බව තෙලිකඩ පොලිසිය පවසයි. 16 January 2019
කටුවැව වැඩබීමේ චීන ඉංජිනේරුවෙකුට පහරදීලා මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුවැව වැඩබිමේ චීන ජාතික ඉංජිනේරුවරයකුට මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් පහරදී ඇතැයි පොලිසිය පවසයි. 16 January 2019
යුදගනාව වැව් බැම්ම පිළිසකර කෙරේ මහ වැසි හේතුවෙන් පසුගිය වසරේ කැඩී ගිය යුදගනාව වැව් බැම්ම පිළිසකර කර නව සොරොව්වක් ඉදිකිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මොනරාගල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විසින් සිදුකෙරෙමින් පවතී. 16 January 2019
ගෙල සිර කර දෙදරු මවක් ඝාතනය කළ සැකකරැවන් දෙදෙනකු අත්අඩංගුවට මහකුඹුක්කඩවල පුනවිටිය ප්‍රදේශයේදී ගෙල සිර කර 67 හැවිරිදි දෙදරු මවක ඝාතනය කර ඇය පැළඳ සිටි පවුම් එකහමාරක රං මාලය කොල්ල කා පලා ගොස් සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙක් බිබිල මැදගම සහ රත්මලාන ප්‍රදේශයේ සැඟව සිටියදී අද (15) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 15 January 2019
මරන්න ගිය කෑස්බෑවාගේ දිවි ගලවා ගනී මරා මස් කිරිම පිණිස ගෙන යමින් සිටි කෑස්බෑවකුගේ දිවි ගලවා ගත් පසු එම සත්ත්වයා මරා දැමීමට ගිය පුද්ගලයා ද අද (15) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 15 January 2019
මත් පෙති අලෙවි කළ දේශීය වෛද්‍යවරයෙකු අත්අඩංගුවට පාසල් දරුවන් ඉලක්ක කරගෙන තැරැව්කරුවන් යොදා ගනිමින් මත් පෙති අලෙවි කළ දේශීය වෛද්‍යවරයෙකු බව කියන පුද්ගලයකු විවිධ වර්ගයේ මත්පෙති තොගයක් සමඟ අද (15) පස්යාල වීරසූරිය කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වීරගුල පොලිසිය කියයි. 15 January 2019
නවගත්තේගම නිධන් හෑරූ 12 ක් අත්අඩංගුවට නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ඉපැරණි ස්ථානයක නිධන් ගැනිමේ අරමුණින් කැනීම් සිදුකරමින් සිටි 12 දෙනෙකු ඔවුන් පැමිණි වාහනද සමඟ අද ( 15 ) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි. 15 January 2019
වැවට ලිස්සා වැටී පාසල් සිසුන් දෙදෙනකු මරුට වවුනියාව ඊරට්ටපෙරියකුලම වැවේ ගිලී 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු අද (15) මියගිය බව ඊරට්ටපෙරියකුලම පොලිසිය කියයි. 15 January 2019
ජංගම දුරකථන සොරාගත් 3ක් අත්අඩංගුවට ජංගම දුරකථන සොරාගෙන ඒවා විකුණා ගංජා පානය කළ තරුණයන් තිදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි. 15 January 2019
’අම්පාර දහම්පාසල්වලට පෙළ පොත් ලබා දී නැහැ’ බුද්ධ ශාසන අමාත්‍යංශය මේ වනතුරුත් අම්පාර දිස්ත්‍රික්කයේ දහම් පාසල්වලට පෙළපොත් ලබාදී නොමැති හෙයින් දහම් පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන් ද දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති සිරිදිගනේ සිරි තිලකසිරි හිමියෝ පවසති. 15 January 2019
රිය අනතුරකින් සිසුවියක් මරුට මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලයාය ප්‍රදේශයේදී අද (15) සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ 12 හැවිරිදි පාසල් සිසුවියක් සඳලංකාව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි. 15 January 2019
යතුරුපැදි - බවුසර් - බස් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට පොළොන්නරුව - අරලගංවිල ප්‍රධාන මාර්ගයේ දිඹුලාගලදී අද (15) උදෑසන තරුණයෝ තිදෙනෙකු රැගත් යතුරුපැදියක් සිමෙන්ති මිශ්‍රණ බවුසරයක හා පෞද්ගලික බස්රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් එක් අයකු බරපතළ ලෙස තුවාල ලබා ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. 15 January 2019
රිය අනතුර නැරඹීමට ගොස් මෝටර් රථ දෙකක් ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙනිවැල්කොළ ප්‍රදේශයේදී අනතුරකට ලක් වූ ලොරි රථයක් නැරඹමින් රිය ධාවනය කළ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙක්සිකානු තරුණියක ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 15 January 2019
‘කල්පිටියේ ළූනුවලට වැළඳුණු රෝගය හරියට කියන්න බෑ’ කල්පිටිය දළුව ප්‍රදේශයේ ළූනු ගසේ කොළ පිළිස්සී යාමේ තත්වය රෝගයක් ද නැතහොත් පොහොර සහ රසායනික වැඩි භාවිතයක් නිසා සිදුවූ දෙයක් ද යන්න සතියක් ඇතුළත දන්වන බව මහඉලුප්පල්ලම කේෂත්ර බෝග පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආයතනයේ පර්යේෂණ අංශයේ සහකාර අධ්යක්ෂ බුද්ධික හෙට්ටිආරච්චි මහතා පැවසීය. 15 January 2019
වෙළඳසැල්වල භාණ්ඩ සොරාගත් කොස්තාපල් ඇතුළු 2ක් දැලේ විවිධ ප්‍රදේශවල වෙළඳසැල්වලට ඇතුළු වී දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙකු සහ ‘සිඟිති කලුවා’ නැමැත්තෙකු වීරකැටිය- හීන්බුන්නේදී තංගල්ල අපරාධ කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 January 2019
මාඔයේ අනවසර වැලිකැපීමේ ජාවාරමක් වටලයි ජංතුරාවෙල ප්‍රදේශයේ මාඔයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ වැලි කැපීමේ ජාවාරමක් වටලා රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා බෝට්ටු 7 ක් අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. 15 January 2019
ලාංකික මුස්ලිම් බැතිමතුන්ට හජ් වන්දනයට ලබා දෙන කෝටාව ඉහළට ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට සවුදි අරාබියට ගොස් හජ් වන්දනය ඉටු කිරීම සඳහා වාර්ෂිකව ලබා දෙනු ලබන කෝටාව 2019 වසර සඳහා 3500 දක්වා ඉහළ නැංවීමට සවුදි අරාබියානු රජය තීරණය කර ඇති බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා ගේ මාධ්‍ය අංශය පවසයි. 14 January 2019
අනුරාධපුරේ බඩ ඉරිඟු වගාව සේනා ආක්‍රමණය කරයි අනුරාධපුර තුරැවිල 270 තුලානේ හේන් වල වගා කරන ලද බඩ ඉරිඟු අක්කර දහසකට අධික ප්‍රමාණයක් සේනා දළඹුවා විනාශකර දමා ඇතැයි ගොවිහු පවසති. 14 January 2019
සොරකමේ රැසකට සම්බන්ධ පුද්ගලයන් 2ක් භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි උපකරණ අළෙවිසැල් වලට ඇතුළු වී අධික වටිනාකමින් යුත් භාණ්ඩ සොරකම් කළ දෙදෙනෙක් සොරා ගත් භාණ්ඩ තොගයක් සහ සොරකමේ යෙදීමට උපයොගී කරගත් යැයි කියන මෝටර් රථයක් සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැසීය. 14 January 2019
ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ආරච්චිකට්ටුව රාජකදලූව ප්‍රදේශයේ පොල්වත්තක සඟවාතිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමක් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අද(14) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. 14 January 2019
බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක ප්‍රපාතයකට පෙරලෙයි බිබිල සිට ආඳාඋල්පත හරහා බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී බස් රථයක් හෑපොළ ප්‍රදේශයේදී අද (14) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලී ඇති බවත් එහි ගමන් ගත් මගීන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බවත් පොලීසිය කියයි. 14 January 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026