IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’අම්පාර දහම්පාසල්වලට පෙළ පොත් ලබා දී නැහැ’

(වසන්ත චන්ද්‍රපාල)

බුද්ධ ශාසන අමාත්‍යංශය මේ වනතුරුත් අම්පාර දිස්ත්‍රික්කයේ දහම් පාසල්වලට පෙළපොත් ලබාදී නොමැති හෙයින් දහම් පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන් ද දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති සිරිදිගනේ සිරි තිලකසිරි හිමියෝ පවසති. 

උන්වහන්සේ එසේ පැවසුවේ උහන මාලිගාතැන්න ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති දහම් පාසල්වල අවශ්‍යතා සහ අඩුපාඩු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. 

ඒ හිමියෝ මෙසේද පැවසූහ.

“අපේ කොට්ඨාසයේ දහම් පාසල් යන්න සිසුන් 13,000 ක් සුදුසුකම් ලබා තිබුණත් අපට දහම් පාසල් පොත් ලැබිල තියෙන්නේ 6000 ක් පමණයි. මේ තත්වය තුළ දහම් පාසල් පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. වසර ආරම්භයේ පොත් අපිට ලැබෙන්නේ නැත්නම් ඒ මාසවලට අදාළ කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා ජනවාරි මාසය ආරම්භයේදී ම දහම් පාසල් දරුවන්ට පොත් දිය යුතුයි. එහෙම නැති වුණොත් දිස්ත්‍රික්කය පුරා ඇති දහම් පාසල් පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ.

මේ කාරණය පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා නැති බව අපි කනගාටුවෙන් මතක් කරනවා. විධිමත් කළමණාකරණයක් යටතේ පොත් පත් බෙදාදීම සිදුවෙන්නේ නැහැ. සමහර අවස්ථාවල දිසාපති කාර්යාලය මැදිහත්වයි පොත්පත් ගන්න සිදු වුණේ. බුද්ධ ශාසන අමාත්‍යංශය, බෞද්ධ කටයුතු අමාත්‍යංශය  මේ ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් ලබාදිය යුතු වෙනවා. අපේ පළාතේ ප්‍රධානාචාර්යාවරු, ගුරු භවතුන් දහම් පාසල්වල කටයුතු කරන්නේ දැඩි කලකිරීමකින්. ඒ නිසා අපි රජයට කියන්නේ කඩිනමින් මේ ගැටලුවලට විසඳුමක් ලබාදෙන ලෙසයි.

රටේ දහම් පාසල් සේවාව සම්බන්ධයෙන් පාලකයින්ගෙන් ලැබෙන්නේ දෙවෙනි ස්ථානයක් බව කෙරෙන වැඩ කටයුතුවලින් පැහැදිලි වෙනවා. එනිසා බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට මාධ්‍යයට කරුණු කියන්න අපි තීරණය කළා.”  
                           
උහන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාධිකාරි උහනධම්මරතන හිමි, නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති සේනාපතියේ ආනන්ද හිමි සහ ත්‍රෛනිකායික භික්ෂු සංවිධානයේ ලේකම් උහන සුමනරත්න හිමි මෙම අවස්ථාවේ අදහස් දැක්වූහ. මාළිගාතැන්න ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති නියෝජ්‍ය විදුහල්පති තලගුනේ නන්දරතන හිමියෝ ද මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (0)

’අම්පාර දහම්පාසල්වලට පෙළ පොත් ලබා දී නැහැ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site