පොහොට්ටුවෙන් සාධාරණ මැතිවරණයක් සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇත. 20 January 2019
කැස්බෑ මස් සමඟ අයෙක් අත්අඩංගුවට දුරුතු පෝය යෙදි තිබු අද (20) දහවල් නිවස තුළ කැස්බෑවුන් දෙදෙනෙකු මරා මස් කරමින් සිටි අයෙකු එම මස් සමග අත් අඩංගුවට ගත හැකි වු බව කියයි. 20 January 2019
නාඳුනන මළ සිරුරක් රූමස්සල සුදුවැල්ල වෙරලේ රූමස්සල සුදුවැල්ල වෙරළ තිරයට ගොඩගසා තිබු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (20) සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි. 20 January 2019
සොයා ගැනීමේ - බේරා ගැනීමේ ප්‍රායෝගික අභ්‍යාස තවදුරටත් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනේ ප්‍රයෝගික අභ්‍යාස පසුගිය දෙදින පුරා කලා ඔය මෝය ආශ්‍රිතව පැවැත්විණි. 20 January 2019
වන ගහණය වැඩි කරන්න අග්නිදිග සරසවියෙන් ව්‍යාපෘතියක් වනගහණය වැඩි කර ‘හරිත ශ්‍රී ලංකාවක්’ ඇතිකිරීම උදෙසා ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ජීව විද්‍යා අංශය විසින් සැලසුම් කළ බීජ බෝල ව්‍යාපෘතිය මගින් අම්පාර, අරංතලාව රක්ෂිත ප්‍රදේශ වල විසුරුවා හරිනු ලැබූ බීජ පැල සාර්ථකව පැලවී ඇති බව අම්පාර දිසාවන නිලධාරී නිශාන්ත මුණසිංහ මහතා පවසයි. 20 January 2019
රිය අනතුරකින් කතක් මරුට ගාල්ල උඩුගම මහා මාර්ගයේ බටදූවේදී ත්‍රි රෝද රථයක් ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ ගමන් කළ කාන්තාවක් මිය ගොස් ඇති අතර බරපතල තුවාල ලැබු ත්‍රී රෝද රථයේ රියදුරු සහ දැරියක් රෝහල්ගත කර ඇතැයි අක්මිමන පොලිසිය පවසයි. 20 January 2019
කප්පමක් ගැනීමට ගිය දෙදෙනක් අත්අඩංගුවට බන්ධනාගාරයේ සිටින පාතාල නායකයෙකු බව පවසා විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ගැනිමට තැත්කළ දෙදෙනෙකු මිටියාගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 20 January 2019
පුරාවස්තු සොයන්න ගිය 03 ක් අත්අඩංගුවට ඌරගස්මංහන්දියල ගල්පරවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු කැණීම් කටයුතු සඳහා යොදාගෙන තිබූ උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 20 January 2019
කැලෑවක සඟවා සිටි කැස්බෑවකු සොයාගනී යාපනයේ , ගුරුනගර් ධීවර වරායට මිටර් 500 ක් ගිණිකොණට දෙසට වු කැලෑව තුළ සඟවා සිටි ජීවී කැස්බෑවෙකු සොයා ගැනීමට හැකි වු බව නාවික හමුදාව පවසයි. 20 January 2019
අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ තෝප්පුව දන්කොටුව මාර්ගයේ අද (20) අලුයම සිදු වු අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 20 January 2019
කුඩාවැල්ලේ ඝාතන සම්බන්ධයෙන් අයෙක් අත් අඩංගුවට කුඩාවැල්ල ධීවර වරාය තුළදී පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කර තවත් 07 දෙනෙකුට තුවාල සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැක කරුවෙකු තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 20 January 2019
නීතීවිරෝධී ධීවර දැල් 25 ක් සොයාගනී මඩකළපුව, කළපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා ධීවර දැල් 25 ක් සොයාගත් බව නාවික හමුදාව පවසයි. 20 January 2019
ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථ දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට එකම අංකයෙන් යුත් ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනයේ යෙදුණු සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සමගින් එම මෝටර් රථවල හිමිකරු බව කියන පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි 20 January 2019
මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයකු කොම්පඤ්ඤවීදිය වෝක්ෂෝල් වීදියේදී අද(20) අලුයම අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 20 January 2019
කොල්ලුපිටිය නිවාස සංකීර්ණයක මළ සිරුරක් කොල්ලුපිටිය ගෝල්ෆේස් නිවාස සංකීර්ණයේ නිවසක ඇඳක් මත කකුල් ගැට ගසා පුළුස්සා ඝාතනය කර ඇතැයි සැක කෙරෙන පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වූ බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 20 January 2019
උඩරට මැණිකේ හාලිඇලෙන් නවතී අද (19) සවස බදුල්ලේ සිට කොළඹ බලා පිටත්වූ උඩරට මැණිකේ රාත්‍රී තැපැල් දුම්රිය සිය ගමනේ පළමු නැවතුම වූ හාලිඇල දුම්රිය ස්ථානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නතර විය. 19 January 2019
වජිරජෝති අනුනාහිමි ආදාහන පූජෝත්සවය හේනේගමදී අපවත් වී වදාළ උඩරට අමරපුර නිකායේ අනුනායක හරංකහව හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙන් අධ්යක්ෂ රාජකීය පණ්ඩිත අති පූජ්‍ය අත්තරගම වජිරජෝතී මහ නා හිමියන්ගේ දේහය පිළිබඳව වූ ආදාහන පූජෝත්සවය අද (19) සවස හරංකහව හෙනේගම සංඝානන්ද පිරිවෙනේදී පැවැත්විණ. ආදාහන කටයුතු අලවත්තේගම කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 19 January 2019
යතුරුපැදියෙන් ගමන්ගත් දෙදෙනෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට ජාඇල තුඩැල්ල දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයිද, එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 19 January 2019
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයේ යෙදුණු පුද්ගලයෙකු එලෙස මුද්‍රණය කරන ලද රුපියල් දහසේ මුදල් නෝට්ටු 48 ක්ද සමගින් හෝකන්දර උතුර ප්‍රදේශයේදී ඊයේ (18) දින රාත්‍රි සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි 19 January 2019
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ මරුට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් අද (19) පෙරවරු 11.00 ට පමණ හදිසියේ මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි. 19 January 2019
දෙමහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් පොලොන්නරුව, කදුරුවෙල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි දෙමහල් වෙළඳ සංකීර්ණයක අද (19) උදේ ගින්නක් ඇතිවී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 19 January 2019
යුද හමුදාට අවශ්‍ය පිසූ ආහාර නිෂ්පාදනාගාරයක් විවෘත කෙරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වනගත සටන් පුහුණු වලදී පරිහරණය සඳහා අවශ්‍ය පිසූ ආහාර නිශ්පාදනාගාරයක් අද (18) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතින් පොලොන්නරුවේ වැලිකන්ද කාන්දකඩුවේ පිහිටි යුද හමුදා ගොවිපලේදී විවෘත කෙරිණි. 18 January 2019
ගාල්ල - අකුරැස්ස මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය අවසන් හබරාදුව බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි රබර් නිශ්පාදන කම්හලක් වසා දමන ලෙස ඉල්ලා බෝගහගොඩදී ගාල්ල අකුරැස්ස මාර්ගය අවහිර කරමින් අද (18) ප්‍රදේශවාසීන් පිරිසක් ආරම්භ කළ උද්ඝෝෂණය ගාල්ල සහකාර පොලිස් අධිකාරීවරයාගේ ඉල්ලීමක් අනුව පැය තුනකට පසු උද්ඝෝෂණය නතර කළහ. 18 January 2019
රන්නේදී සිදුවූ රිය අනතුරකින් අයෙක් මරුට රන්න බටඅත ප්‍රදේශයේදී අද (18) සිදු වූ අනතුරකින් එක් අයෙක් මියගොස් ඇතැයි හුංගම පොලිසිය කියයි. 18 January 2019
අඟුණකොළපැලැස්සේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට කලවැල්වල හන්දියේදී අද (18) යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ශිෂ්‍යයෙකු සහ තරුණයෙකු මියගොස් ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය පවසයි. 18 January 2019
සොයා ගැනීම්-බේරා ගැනීමේ පළමු ප්‍රායෝගික අභ්‍යාසය කලා ඔය මෝය ආශ්‍රිතව සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනෙහි පළමු දින පුහුණු අභ්‍යාස ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ කලා ඔය මෝය ආශ්‍රිතව පැවැත්විණි. 18 January 2019
ගෙවත්තට පැමිණි කිඹුලා බූන්දල අභයභූමියට අම්බලන්තොට අරවනමුල්ල ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි විශාල කිඹුලකු ප්‍රදේශවාසීන් විසින් මන්දකට හසුකර හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලබාදීමට කටයුතු කර ඇත. 18 January 2019
මුදල් පැහැරගත් හිටපු ආරක්ෂකයා අත්අඩංගුවට කොළඹ 07 ධර්මපාල මාවතේ ආගමික මධ්‍යස්ථානයක රාජකාරීයෙහි යෙදී සිටි ආරක්ෂක නිලධාරීයා මුළා කර එහි කාර්යාලයක තිබු රුපියල් 88,000ක මුදලක් සොරාගත් හිටපු ආරක්ෂක නිලධාරියා අද (18) අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය කියයි. 18 January 2019
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වැඩ අරඹයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හයවැනි අධ්යක්ෂ ජනරාල් ලෙස චන්ද්‍රරත්න පල්ලේගම මහතා වැඩ බාර ගැනීම කොළඹ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දී අද (18) සිදුකෙරිණි. 18 January 2019
කිලිනොච්චියේ වෙළෙඳසැලක් ගින්නෙන් මුළුමනින්ම විනාශයි කිලිනොච්චිය පොදු වෙළඳසැළ භූමියේ තිබූ රසකැවිලි හා පලතුරු විකුණු වෙළඳසැලක ඇතිවූ ගින්නකින් වෙළෙඳසල මුළුමනින්ම විනාශවී ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 18 January 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026