මුඛ-කුර රෝග නිසා මාතලේ කිරි ගවයින් විකිණීම ඇතුළු සියලු කටයුතු හෙට සිට තහනම්
මේ දිනවල කිරි හරකුන්ට ව්‍යාප්තව ඇති කුර හා මුඛ රෝගය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ කිරි ගවයන් ප්‍රවාහනය කිරීම, අලෙවි කිරීම, මස් කඩවලට අලෙවි කිරීම, කෘතිම සිංචනය කිරීම ආදී සියලු කටයුතු නතර කර දමන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පශු වෛද්‍ය නිලධාරීන්ට අද (23) දින උපදෙස් දී තිබේ.