නිදන් හැරූ 3 ක් අත්අඩංගුවට කැකිරාව මඩාටුගම දුනුමඬලාව ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ගල් තලාවක නිධන් සොයා අනවසර කැනීමක් සිදුකරමින් සිටි කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙක් කැනීම් උපකරණ රැසක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 28 January 2019
ලංකාව වටා මුහුදේ සම්පත් පිළිබද අධ්‍යන වාර්තාව ධීවර රාජ්‍ය අමාත්‍යවරයාට ශ්‍රී ලංකාව වටා මුහුදේ සම්පත් පිළිබද අධ්‍යන වාර්තාව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත පිළිගැන්වීම අද (28) සිදු කෙරිණි. 28 January 2019
නීතිවිරෝධීව මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයන් සිව් දෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු හා ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (28) නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදාව පවසයි. 28 January 2019
රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා ග්රන්ථ භාර ගැනීම අරඹයි මේ වසර සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය වෙනුවෙන් ග්රන්ථ භාර ගැනිම ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 28 January 2019
ගම්මිරිස් ආනයනය නවතී දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීම සඳහා පිටරටින් ගම්මිරිස් ආනයනය කිරීම නතර කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය. 28 January 2019
දරුවන් පාසලට ඇතුළු කර ගන්නැයි මාපිය විරෝධතාවක් පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ මෙතෙක් ඉගෙනුම ලැබ පසුගිය වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තම දරුවන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු කර ගන්නා ලෙස ඉල්ලිමින් අද මව්පියෝ උද්ඝෝසණයක් කළහ. 28 January 2019
ණය කපා හරින්නැයි පොලොන්නරුවේ උද්ඝෝෂණයක් පොලොන්නරුව ප්‍රදේශයේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් මඟින් තමන් වෙත ලබාදී ඇති ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ පදිංචි කාන්තාවෝ පිරිසක් අද (28) උද්ඝෝෂණයක් කළහ. 28 January 2019
ඌරුබොක්කේ යතුරුපැදි අනතුරින් හමුදා සෙබළෙක් මරුට බුස්ස හමුදා කඳවුරට අයත් ලොරියකට අද (29) යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ආබාධිත හමුදා සෙබළකු යටවීමෙන් එම සෙබළා මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි. 28 January 2019
සේමමඩු රක්ෂිතයේ දැව කැපූ සිව් දෙනෙක් අත්අඩංගුවට වවුනියාව සේම මඩු රක්ෂිතයේ බුරුත දැව නීතිවිරෝධීව කපා කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මාමඩුව ඉදිකඩුව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මාමඩුව පොලිසිය පවසයි. 28 January 2019
කොටි වළ දැමූ රත්තරන් සොයමින් සිටි අයෙක් අත්අඩංගුවට වව්නියාව පූවර්සන්කුලම් චෙක්කඩිපිලව් ප්‍රදේශයේ දී යුද සමයේ කොටි සංවිධානය විසින් වළ දමන ලද රත්තරන් සොයමින් සිටි සැකකරුවන් පිරිසක් වැටලීමක දී එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 January 2019
මාතලේ නගරාධිපති විශේෂ මහ සභාවක් කැඳවීම ප්‍රතික්ෂේප කරයි මාතලේ මහ නගර සභාවේ විශේෂ මහ සභාවක් කැදවන ලෙස උප නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සිදු කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන බවත් නගර සභා ආඥා පනතට අනුව එම ඉල්ලීමේ විශේෂ හේතුවක් නොමැති බවත් මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (28) පැවසීය. 28 January 2019
එල්ලාවල ගඟේ පතල් කැපීම අත්හිටුවයි ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එල්ලාවල ගම හරහා ගලා යන එල්ලාවල ගඟේ පතල් කැපීමට දුන් බලපත්‍ර තාවකාලිකව අත්හිටවු බව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් නීතීඥ පී.උඩෝවිට මහතා පැවසීය. 28 January 2019
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 30යි මිලි ග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයකු ගාල්ල බස් නැවතුම්පොලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 January 2019
ගොවීහු මහ පාරේ වටිටක්කා විකුණති වට්ටක්කා වගා කළ ගොවින්ගේ අස්වැන්න නිසි මිළකට විකුණා ගත නොහැකිවීම නිසා එම ගොවින් අස්වැන්න අලෙවි කර ගැනිම සඳහා විවිධ ප්‍රදේශයන් හි මහා මාර්ග අයිනේ තබා ගෙන සිටිනු දැකගත හැකිය. 28 January 2019
නිදන් හැරූ 7 ක් පොලිස් දැලේ වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබූ උපකරණ රැසක් සමඟ අද (27) අත්අඩංගුවට ගත් බව කුඩාඔය පොලිසිය පවසයි. 27 January 2019
‘‘ඒකීය රටක් සංකල්පයට සියලු දෙනා එකඟ කර ගන්න රජය සමත් වුනා‘‘ ලංකා ඉතිහාසයේ පළමු වරට දෙමළ , මුස්ලිම් ඇතුළු සියලු පක්ෂ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන්න පිළිගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළුතරදී අද (27) පැවැසීය. 27 January 2019
හලාවත මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ සිසුවාගේ සිරුර හමුවේ හලාවත මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වූ පාසල් සිසුවාගේ මෘත දේහය මුහුදු වෙරළට ගොඩ ගසා තිබිය දී අද (27) සොයා ගත් බව හලාවත පොලිසිය කියයි. 27 January 2019
නාවිකයෝ 329 ක් විසිර යති ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 234 වැනි බඳවා ගැනීමට අයත් නාවිකයන් 329 දෙනෙකු සිය මුලික පුහුණුව නිම කර විසිර ගියහ. 27 January 2019
ජන පවුර ජාතික වැඩසටහන අනුරාධපුරයට ළමා අපයෝජන අවම කර සුරක්ෂිත පරිසරයක් සහතික කිරීමේ අරමුණෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කළ ජන පවුර ජාතික වැඩසටහනේ දෙවැනි පියවර ක්‍රියාත්මක කිරීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය තෝරාගෙන ඇතැයි එහි නිලධාරියෙක් කීය. 27 January 2019
මොණරු එළවන්න ගොස් බදින තුවක්කුව පත්තු වී මරුට වන සතුන් ඝාතනය කිරිම සදහා අටවන ලද බදින තුවක්කුවක් පත්තු විමෙන් හොරොව්පතාන කිඹුල්පැටියාවේදි පුද්ගලයෙකු මියගිය බව හොරොව්පොතාන පොලිසිය කියයි. 27 January 2019
උ‘මැද පළාත් හිටපු අමාත්‍ය සුසිල් ගුණරත්න පොහොට්ටුවට එක් වෙයි හිටපු උතුරුමැද පළාත් ප්‍රවාහන ක්‍රිඩා හා යෞවන කටයුතු සමුපකාර වෙළද හා ආහාර ,කර්මාන්ත සංවර්ධන ඇමති ධුරය දැරු සුසිල් ගුනරත්න මහතාඅද (27) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණටඑක් විය. 27 January 2019
අත්අඩංගුවේ තිබූ තවත් ට්‍රෝලර් යාත්‍රා 13 ක් ඉන්දියාවට ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 13 ක් යළි එරටට භාර දුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 27 January 2019
බගවන්තලාව- බලංගොඩ මාර්ගය විරෝධතාවකින් වැසෙයි බගවන්තලාව ප්‍රදෙශයේ වතුකම්රුවන් පිරිසක් හැටන් බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ග බගවන්තලාව නගරයේ පාලම අසලින් අවහිර කරමින් අද (27) උදැසන සිට ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 27 January 2019
නිධන් හාරමින් සිටි 5 ක් අත්ඩංගුවට තිස්සමහාරාම , අකුරුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අද (27) අලුයම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 27 January 2019
නිති විරෝධි ස්කාගාරයක් පවත්වාගෙන ගිය අයකු අල්ලයි හලාවත මැරවල කලපු දුපතක රහසිගතව පවත්වා ගෙන ගිය නිති විරෝධි ස්කාගාරයක් වටලා මත්වතුර පෙරමින් සිටි පුද්ගලයෙකු සමග පෙරුම් උපකරණ තොගයක් සමග මත්පැන් තොගයක් අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 26 January 2019
මුහුදේ ගිලී පිය - පුතු මරුට හලාවත මුහුදු වෙරළට පැමිණ අද ( 26 දා ) පස්වරු 5.30 ට පමණ විනෝදවෙමින් සිටි පිරිසක් අතර සිටි පිය පුතු දෙදෙනෙකු මුහුදෙහි ගිලි මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි. 26 January 2019
පොලිස් නිලධාරියකු වෙඩි වැදී තුවාල ලබයි මොණරාගල දඹගල්ල පොලිස් වසමේ තඹාන රක්ෂිතයේ ඉතාමත්ම රහසිගතව වගා කර තිබූ ගංජා හේනක් වැටලීමට ගිය පොලිස් නිලධාරිවරයෙකුට බඳින ලද තුවක්කුවක් පත්තුවී අද (26) හවස 5.00 ට පමණ වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා මොණරාගල සිරිගල මූලික රෝහලට ඇතුලත් කර ඇතයි පොලීසිය පවසයි. 26 January 2019
පැහැරගෙන ගිය අය සොයාදෙන්නැයි විරෝධතා රත්ගම රත්නඋදාගමදි පසුගිය 23 වනදින පැහැරගෙන ගිය පුද්ගලයින් දෙදෙනා සොයාදෙන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ ඥාතින් ඇතුලු ගම්වාසින් විසින් අද (26) දහවල් රත්ගමදී විරෝධතාවක් පවත්වන ලදී. 26 January 2019
ශ්‍රී පාදය අවට කසල ඉවත් කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ශ්‍රීපාද වන්දනාකරුවන් විසින් ගිනිගත්හේන දියගල මංසන්ධියේ සිට නල්ලතන්නිය හරහා ශ්‍රීපාද මළුව දක්වා පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර ඇති ප්ලාස්ටික් බෝතල් ඇතුලු දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්රමාදන ව්‍යාපාරයක් අද (26) දවස පුරා පැවැත්විණි 26 January 2019
ලක්ෂ 40 ක වල්ලපට්ටා සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 1. 600 නීතිවිරෝධි ලෙස රැගෙනයාමට උත්සහ කල ඩුබායි ජාතිකයෙකු සහ ලාංකික තේ සමාගමක රියදුරෙකු අද (26) අත්අඩංගුවට ගනු ලැබූ බව කටුනායක ගුවන්තොටුපළ පොලීසිය පවසයි. 26 January 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025