(ඞී.කේ.රත්න)
වැල්ලවාය ඇතිලිවැව ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබූ උපකරණ රැසක් සමඟ අද (27) අත්අඩංගුවට ගත් බව කුඩාඔය පොලිසිය පවසයි.
හාලිඇල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු, බදුල්ලේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු , බුත්තල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඇතිලිවැව ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමේ හිමිකරු මෙසේ කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබූ උදලූ දෙකක්, අලවංගු දෙකක් , තාච්චුවක් සහ ඔවුන් පැමිණි ත‍්‍රීරෝද රථයක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd