(ක.ග.කරුණාරත්න )
පොලොන්නරුව ප්‍රදේශයේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනයක් මඟින් තමන් වෙත ලබාදී ඇති ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ පදිංචි කාන්තාවෝ පිරිසක් අද (28) උද්ඝෝෂණයක් කළහ.
එම ණය මුදල් නැවත ගෙවිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් එම ණය කපා හරිණ ලෙස ඔවුහු පවසා සිටියහ.
එය පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම උද්ඝෝෂණයේදී ඔවුන් ඉල්ලා සිටියේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ අවධානය මේ සඳහා යොමුවිය යුතු බවයි.
ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් මහජනතාවට ලබාදී ඇති ණය මුදල් කපා හැරීමේ තීරණයක් රජය විසින් ගෙන ඇති බවද උද්ඝෝෂකයෝ වැඩිදුරටත් කියා සිටියහ.
කාන්තාවෝ 300කට ආසන්න පිරිසක් මෙයට සහභාගීව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd