(දයාරත්න ඇඹෝගම)
වන සතුන් ඝාතනය කිරිම සදහා අටවන ලද බදින තුවක්කුවක් පත්තු විමෙන් හොරොව්පතාන කිඹුල්පැටියාවේදි පුද්ගලයෙකු මියගිය බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කිඹුල්පැටියාව මහපොතාන පදිංචිව සිටි ඩි.එම්.අනිල් විජේනායක(46) නැමති ගොවියෙකි.
මියගිය අය කිඹුල්පැටියාවේ තම කුඹුරේ වි වගාවට හානි කිරිමට පැමිණෙන මොණරුන් පලවා හැරිමට ගල් ගසමින් ඔවුන් පසුපස වෙළ ආසන්නයේ පිහිටි කැලැව දක්වා යන අතර තුර අටවා තිබු බදින තුවක්කුවක් පත්තු විමෙන් බරපතල තුවාල ලැබු බව හොරොව්පොතාන පොලිසිය කියයි.
තුවාල ලැබු මෙම පුද්ගලයා කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd