(නිමල කොඩිතුවක්කු)
මේ වසර සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය වෙනුවෙන් ග‍්‍රන්ථ භාර ගැනිම ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2018 වර්ශයේ රාජ්‍ය ලේඛනාගාරයෙහි ප‍්‍රථම මුණය ලෙස ලියාපදිංචි කරන ලද සියලූ ග‍්‍රන්ථ මේ සඳහා සලකා බලනු ලැබේ.
ස්වතන්ත‍්‍ර නවකතා, ස්වතන්ත‍්‍ර කෙටිකතා, ස්වතන්ත‍්‍ර පද්‍ය කෘති, ස්වතන්ත‍්‍ර යොවුන් සාහිත්‍ය කෘති, ස්වතන්ත‍්‍ර ගීත රචනා සංග‍්‍රහ, ස්වතන්ත‍්‍ර නාට්‍ය කෘති, ස්වතන්ත‍්‍ර විද්‍යා ප‍්‍රබන්ධ, ළමා සාහිත්‍ය කෘති, ශාස්ත‍්‍රීය හා පර්යේෂණ, පරිවර්තිත නවකතා, පරිවර්තිත කෙටිකතා, පරිවර්තිත පද්‍ය කෘති, පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘති, පරිවර්තිත නාට්‍ය කෘති, ශාස්ත‍්‍රීය හා පර්යේෂණ, විවිධ විෂයක ග‍්‍රන්ථ ( සමාජ ශාස්ත‍්‍ර, මානව ශාස්ත‍්‍ර හා පරිවර්තිත ) , සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍ය කෘති යන ශීර්ෂ යටතේ ග‍්‍රන්ථ සමීක්ෂණය සිදු කෙරේ.
2018 ජනවාර් 01 දා සිට එම වර්ෂයේ දෙසැම්බර් 31 වනදා දක්වා වූ කාළය තුළ පළමු වරට මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කරන ලද පිටු 48 ට වඩා වැඩි ග‍්‍රන්ථ එක් ග‍්‍රන්ථයකින් මුද්‍රිත පිටපත් දෙක බැගින් භාරදීමට කටයුතු කරන ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ලේඛක, ලේඛිකාවන්ගෙන් හා ග‍්‍රන්ථ ප‍්‍රකාශක භවතුන්ගෙන් ඉල්ලිමක් කරයි.
මෙම ග‍්‍රන්ථ සාහිත්‍ය උත්සව සංවිධාන අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තරපෑලෙන් හෝ ගෙනවිත් භාරදීමට කටයුතු කරන ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.
ග‍්‍රන්ථ භාර ගැනීමේ අවසාන දිනය පෙබරවාරි 28 වනදා වන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 872 030, 0112 872 031 යන දුරකථන අංක වලට ඇමතීමෙන් ලබා ගත හැක.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා ග්‍රන්ථ භාර ගැනීම අරඹයි
අයෙෂා Wednesday, 08 January 2020 01:09 PM
2018 වසරද 2019 ප්‍රකාශිත පොත්ද?
රුක්ෂාන් රාජතිලක Friday, 24 February 2023 11:02 PM
2021 වසරේ මුද්‍රණය කළ පොත් මේ සඳහා වලංගු ද ?