IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුහුදේ ගිලී පිය - පුතු මරුට

(හලාවත  ඔගස්ටින් ප්‍රනාන්දු)        
හලාවත මුහුදු වෙරළට පැමිණ අද ( 26 දා ) පස්වරු 5.30 ට පමණ විනෝදවෙමින් සිටි පිරිසක් අතර සිටි පිය පුතු දෙදෙනෙකු මුහුදෙහි ගිලි මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.

මුහුදෙහි ගිලි ගසා ගෙන යමින් සිටිය දි අසල ක්‍රිඩා පිටියෙහි ක්‍රිඩාකරමින් සිටි ධිවර තරුණයන් පිරිසක් ක්ෂණිකව මුහුදට පැන පියා ගොඩට ගෙන වහාම හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු එහිදි මිය ගොස් සිටි බව කියයි.

පුතා මුහුදෙහි ගිලි අතුරුදහන්ව සිටිය අතර නාවික හමුදාවේ භට පිරිසක් ඔහුගේ සිරුර සෙවිමේ මෙහෙයුමක නිරතව සිටියත් මෙතෙක් හමු වි නැති බවත් කියයි.

මිය ගොස් ඇත්තේ මාතලේ ඇල්කඩුවේ සිට හලාවත මුන්නේහ්වරම දේවාලය වැද පුදා ගැනිමට පැමිණි පිරිසක් අතර සිටි කේ.එච්.එම්. සරත් කුමාර (47)  පියා සහ ඔහුගේ පුතු වන කේ.එච්.එම්.ගහිරු බණ්ඩාර (17) නමැති පාසල් සිසුවාය. අතුරු දහන් සිසුවා මාතලේ  විජය මහ විදුහලේ උසස් පෙල හදාරමින් සිටිය බවත් කියයි.

වැදපුදා ගැනිමෙන් පසු පිරිස මුහුදු වෙරළට පැමිණ පසුව දස දෙනෙකු මුහුදෙහි දිය නෑමට ගොස් සිටිය දි මෙම ඛේදවාචකයට මුහුණ දි ඇති බවත් කියයි.

හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.



අදහස් (2)

මුහුදේ ගිලී පිය - පුතු මරුට

Raveendra Sunday, 27 January 2019 04:56 AM

හරිම කනගාටුදායක පුවතක්... පියාට සහ දරුවාට මෙවන් විපතක් කිසිදු භවයක නොවේවා.....

:       0       0

isurandi Sunday, 27 January 2019 10:08 AM

අනේ දෙයියනේ මේ මොන විපතක්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site