(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුහුදු වෙරළට පැමිණ අද ( 26 දා ) පස්වරු 5.30 ට පමණ විනෝදවෙමින් සිටි පිරිසක් අතර සිටි පිය පුතු දෙදෙනෙකු මුහුදෙහි ගිලි මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.
මුහුදෙහි ගිලි ගසා ගෙන යමින් සිටිය දි අසල ක්‍රිඩා පිටියෙහි ක්‍රිඩාකරමින් සිටි ධිවර තරුණයන් පිරිසක් ක්ෂණිකව මුහුදට පැන පියා ගොඩට ගෙන වහාම හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු එහිදි මිය ගොස් සිටි බව කියයි.
පුතා මුහුදෙහි ගිලි අතුරුදහන්ව සිටිය අතර නාවික හමුදාවේ භට පිරිසක් ඔහුගේ සිරුර සෙවිමේ මෙහෙයුමක නිරතව සිටියත් මෙතෙක් හමු වි නැති බවත් කියයි.
මිය ගොස් ඇත්තේ මාතලේ ඇල්කඩුවේ සිට හලාවත මුන්නේහ්වරම දේවාලය වැද පුදා ගැනිමට පැමිණි පිරිසක් අතර සිටි කේ.එච්.එම්. සරත් කුමාර (47) පියා සහ ඔහුගේ පුතු වන කේ.එච්.එම්.ගහිරු බණ්ඩාර (17) නමැති පාසල් සිසුවාය. අතුරු දහන් සිසුවා මාතලේ විජය මහ විදුහලේ උසස් පෙල හදාරමින් සිටිය බවත් කියයි.
වැදපුදා ගැනිමෙන් පසු පිරිස මුහුදු වෙරළට පැමිණ පසුව දස දෙනෙකු මුහුදෙහි දිය නෑමට ගොස් සිටිය දි මෙම ඛේදවාචකයට මුහුණ දි ඇති බවත් කියයි.
හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කනගාටුදායක පුවතක්... පියාට සහ දරුවාට මෙවන් විපතක් කිසිදු භවයක නොවේවා.....
අනේ දෙයියනේ මේ මොන විපතක්ද.