මාතලේ ගලේවෙල පෞද්ගලික බස් වර්ජනයක් මාතලේ - ගලේවෙල පෞද්ගලික බස් රථ රියදුරන් හා සහයකයින් අද (30) සිය ධාවන කටයුතු වලින් ඉවත් වී වර්ජනයක නිරතව සිටිති. 30 January 2019
ලක්ෂ 50ක දැව කඳන් තොගයක් අත්අඩංගුවට වැලිකන්ද වඩුමුණේ මිරන්ඩවිල් රක්ෂිත වන ප්‍රදේශයේ අනවසරයෙක් කපා ප්‍රවාහනයට සූදානම් කරමින් සිටි බුරුත, පළු සහ කොහොඹ දැවකඳන් තොගයක් වාලච්චේන පොලිසිය විසින් අද(30) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 30 January 2019
මහවැලි සී කලාපයට කිලෝමීටර් 21.5 ක අලිවැටක් මහවැලි සී කලාපය ඇතුළු ප්‍රදේශ රැසක පවතින වනඅලි ගැටළුවට විසඳුමක් ලෙස වනජීවී සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව මහවැලි සී කලාපය ආවරණය වන පරිදි කිලෝමීටර් 21.5 ක දිගින් යුතු අලිවැටක් ඉදිකිරීමට සැළසුම් කොට තිබේ. 29 January 2019
වෙඩි වැදීමකින් ව්‍යාපාරිකයෙකු මරුට දෙහිවලදී කෝටිපති ව්‍යාපාරිකයෙකු අද (29) සිය නිවස ඉදිරිපිටදී වෙඩි වැදි මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 29 January 2019
තන්තිරිමලේ පාසල් දෙකකට ගුරුවරු ඉල්ලා උද්ඝෝෂණයක් තන්තිරිමලය තම්බියාව ප්‍රථමික විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩු පුරවා දෙන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් අද (29) උද්ඝෝෂණයක නිරතවුහ. 29 January 2019
අත්අඩංගුවට ගත් මධූෂ්ගේ ගෝලයා රිමාන්ඩ් වරෙන්තු පහක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පොලිසියට කොටු වු පාතාල නායක මධුෂ් නමැත්තාගේ ගෝලයකු බව කියන ‘‘රංගන’’ නැමැත්තා රිමාන්ඩ් බාරයට පත්කළ රත්නපුර මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය සැකකරු ලබන 31 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය. 29 January 2019
ලොකු ලූනු ආනයනයට කෝටා ක්‍රමයක් ලොකු ලුනූ ආනයනය කිරීම සඳහා ඉදිරියේදී කෝටා ක්‍රමයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග, සහ ධීවර හා ජලඡ සම්පත් ඇමති පී.හැරිසන් මහතා අද (29) අනුරාධපුරයේ දී පැවැසීය. 29 January 2019
සමෘද්ධි බැංකු පිහිටි ඉඩම් පවරා දෙන්නැයි කළ ඉල්ලීම ඉවතට හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවට අයත් සමෘද්ධි බැංකු සංගම් ගොඩනැගිලි පිහිටි ඉඩම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා දෙන ලෙස කර තිබූ ඉල්ලීමකට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සියලු දෙනා විරුද්ධ වීම නිසා එම ඉල්ලීම ඒකමතිකව ප්‍රතික්ෂේප විය. 29 January 2019
ඉලංතඩිය විද්‍යාලයට ගොඩනැගිල්ලක් ප්රදානය කරයි නොරොච්චෝල ලක්විජය බලාගාරය ආසන්නයේ පිහිටි ඉලංතඩිය රජයේ විදුහලට මිලියන තුනකට ආසන්න වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් ප්රදානය කිරීම අද (29) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි. 29 January 2019
වසර තුනක් ගියත් මොහොත්තුවාරම තවමත් අඳුරේ විදුලිය සපයා වසර තුනක් ගතව ගිය ද,එකම එක විදුලි බුබුලක් හෝ සවි නොකළ අපූරු ධීවර ගම්මානයක් පිළිබදව කල්පිටිය මොහොත්තුවාරමෙන් වාර්තා වේ. 29 January 2019
වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය සිසුහු විදී බසිති ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයෙහි සිසු සිසුවියෝ පිරිසක් අද (29) කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් පසක් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 29 January 2019
ජනමාධ්‍යවේදීන්ට කළ හිංසන ගැන පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා පෙත්සම් ජනමාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලමින් ජනමාධ්‍ය සංවිධාන එකමුතුව ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පෙත්සම් දෙකක් අද(29) භාරදුන්නේය. 29 January 2019
ගණිකා වෘත්තියේ යෙදුණු කතුන් දෙදෙනෙකුට දඩ ගණිකා වෘත්තියේ යෙදී සිටිම සඳහා ගණිකා නිවාසයක රැඳිසිටිම සම්බන්ධයෙන් වරද පිළිගත් කාන්තාවන් දෙදෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයකුට රුපියල් 50,000/- බැගින් දඩ නියම කළේය. 29 January 2019
වවුනියාව නගර සබේ සේවකයන් ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධයක වවුනියාව සාලම්බපුරම් හි කසල එක්රැස් කරන මධ්‍යස්ථානය වෙත කසල බැහැර කිරීමට ප්‍රදේශවාසීන් පිරිසක් ඉඩ ලබානොදීම හේතුවෙන් එයට විරෝධය පලකරමින් වවුනියාව නගර සභා සේවකයින් හා මන්ත්‍රීවරුන් අද (29) සිට යාපනය නුවර ඒ නවය මාර්ගය අවහිර කර විරෝධතාවක නිරතවූහ. 29 January 2019
කළමනාකරණ සහකාර වෘත්තීය සමිති උද්ඝෝෂණයක් බදුල්ලේ කළමණාකරණ සහකාර සේවා එක්බද්ධ වෘත්තිය සමිති සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණයක් හා පෙළපාළියක් බදුල්ල නගරයේ දී අද (29) පැවැත්විණි. 29 January 2019
වතු නිවාස පෙළක ගින්නක් බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතුයායේ බොනකොට් කොටසේ වතු නිවාස පේළියක හට ගත් ගින්නකින් වතු නිවාස 12 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 29 January 2019
බඹර ප්‍රහාරයකින් 20 ක් රෝහලේ උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි නයින්ආච් හෙවත් ආරුක්කු පාලම අසලදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් 20 දෙනෛක් දෙමෝදර ප්‍රාදේශිය රෝහලට හා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි. 29 January 2019
දුම්වැටි සමඟ ලාංකිකයෙක් අත්අඩංගුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (29) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 January 2019
ඉන්දීය ආධාර යටතේ ඉදිකළ පාසල් ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට ඉන්දීය ආධාර යටතේ යාපනය නාවත්කුලිය සහ චාවකච්චේරිහි ඉදිකළ නව පාසල් ගොඩනැගිලි දෙකක් මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය ෂිල්පක් අම්බුලේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා සිසු අයිතියට පත් කෙරුණි. 29 January 2019
ලක්ෂ 26ක් වංචා කළ මුදල් අයකැමිවරයකු අත්අඩංගුවට බණ්ඩාරගම ජනාධිපති මාවතේ තොග හා සිල්ලර අලෙවිසැලකින් රුපියල් 2, 633, 000 මුදලක් වංචා කළ මුදල් අයකැමිවරයකු අද(29) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 29 January 2019
පොළොන්නරුවේ රාජකීයට දරුවන් ඇතුළු කරගන්නැයි අදත් උද්ඝෝෂණ පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තම දරුවන් සිසුන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමාපියෝ දෙවැනි දිනයටත් අද (29) උද්ඝෝෂණයක නිරත වූහ. 29 January 2019
හිටිහැටියේ සේවයෙන් ඉවත් කළාට කම්කරු විරෝධය චීන රජයේ පරිත්‍යාගයක් මත පොළොන්නරුවේ ඉදි කරන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි කම්කරුවන් පිරිසක් සේවයෙන් ඉවත්කිරීමට විරෝධය පා සේවය අහිමි වූ කම්කරුවෝ පස් දෙනෙක් එම රෝහල් බිමේ පිහිටි ගොඩනැගිල්ලක් මතට නැගී අද (29) විරෝධතාවයක නිරත වූහ. 29 January 2019
නිධන් හැරූ 7 ක් අත්අඩංගුවට මීගහකිවුල පහල මකුල්ගොල්ල වෙළංලන්ද කඳුවැටියේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක නිධානයක් හෑරූ බව කියන පුද්ගලයින් හත් දෙනෙකු අද (29) අත්අඩංගුවට ගෙන තිබේ. 29 January 2019
ගුරු පත්වීම් වසරක් තිස්සේ ඇණහිටී ගුරු සහායකයන් 3 777 කට ගුරු සේවයේ 3(2) ශ්‍රේණියට අනියුක්ත කිරීමට කැබිනට් අනුමැතිය දී වසරකට ආසන්න කාලයක් ගතව තිබියදීත් එම තීරණය ක්‍රියාවට නගා නැතැයි ද එය කඩිනම් කිරීමට තීන්දු ගන්නැයි රාජ්‍ය සේවා කොමිසමනේ හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 29 January 2019
අර්තාපල් ගොවීන් සඳහා සහන ක්‍රමයට බීජ හොන්ඩර 500 ක් සුළු පරිමාණ අර්තාපල් ගොවීන් සදහා අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත බෙදා දීමට කටයුතු කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියා සිටී. 29 January 2019
බිම වැටීමෙන් සිදු වූ මරණය ඝාතනයක් නිවසෙහි බිම වැටී අසාධ්‍ය තත්වයට පත්ව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය කාන්තාවකගේ මරණය ගෙල සිර කිරීමකින් වූවක් බව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වී ඇතැයි මාරාවිල පොලිසිය කියයි. 29 January 2019
ජීව උණ්ඩ සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ටී.56 ජීව උණ්ඩ තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 29 January 2019
නිධන් හෑරූ 6 ක් අත්අඩංගුවට නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණෙන් හොරොව්පොතාන ආනඹලොන්දැව රජයේ රක්ෂිතයේ කැණිම් කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු අද (29) කැබිතිගොල්ලැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 January 2019
ඇල්ල කඳුවැටියක ගින්නක් ඇල්ල හෙළ හල්පේ වලස්බැද්ද කඳුවැටියේ අද (29) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 29 January 2019
හෙරොයින් ජාවාරමේ නිරත පොලිස් සැරයන් ඇතුළු 2 ක් රිමාන්ඩ් හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක් කරගෙන ගිය බව කියන යුධ හමුදාවේ විශේෂ බළකායේ හිටපු සෙබලෙකු, කාන්තාවක් හා ඔවුන් දෙදෙනාට ආධාර හා අනුබල දුන් බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පොලිස් සැරයන්වරයෙකු පෙබරවාරි 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (28) නියෝග කළාය. 28 January 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025