(ඩී. කේ. රත්න )
ඇල්ල හෙළ හල්පේ වලස්බැද්ද කඳුවැටියේ අද (29) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම කඳුවැටියේ සිටින වන සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය පිණිස ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
ඇල්ල පාරිසරික සංවේදී කලාපයේ පිහිටි මෙම කඳුවැටියට ගිනි තැබීම නිසා මෙහි ඇති වටිනා ශාක විශේෂ රැසක්, ඖෂධ පැළෑටි සහ සත්ව විශේෂ ද ගින්නට හසුවීමෙන් විනාශවන්නට ඇතැයි පරිසරවේදීහු කියති.
අලුයම් කාලයේ ඇතිවූ මෙම ගින්න උදැසන වනවිටත් පැතිරීයමින් පවතින අතර එය නිවා දැමීම සඳහා ඇල්ල පොලීසිය සහ දියතලාව යුධ හමුදා කඳවුරේ යුධ හමුදා නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කට්ටිය පිස්සුවෙන් වගේ ලංකවේ ප්‍රසිද්ද කඳු මුදුන්වල කුඩාරම් ගහගෙන නවතිනවා , මෙගොල්ලොන්ගෙන් පරිසරයට ලොකු විනාශයක් වෙයි ඉදිරියට