(ක. ග. කරුණාරත්න)
චීන රජයේ පරිත්‍යාගයක් මත පොළොන්නරුවේ ඉදි කරන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි කම්කරුවන් පිරිසක් සේවයෙන් ඉවත්කිරීමට විරෝධය පා සේවය අහිමි වූ කම්කරුවෝ පස් දෙනෙක් එම රෝහල් බිමේ පිහිටි ගොඩනැගිල්ලක් මතට නැගී අද (29) විරෝධතාවයක නිරත වූහ.
කිසිදු හේතුවක් නොදන්වා අසාධාරණ ලෙස තමන් සේවයෙන් ඉවත් කළ බව ඒ විරෝධතාකරුවෝ පවසති.
අහිමි කළ රැකියාව නැවත ලබා දෙන තෙක් මෙලෙස අඛණ්ඩව විරෝධතාවේ නිරත වන බවද ඔවුහු පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd