(ක. ග. කරුණාරත්න)
පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තම දරුවන් සිසුන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමාපියෝ දෙවැනි දිනයටත් අද (29) උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම විරෝධතාවට 300ක පමණ දෙමව්පියෝ පිරිසක් ද පාසැල අහිමි වූ දරුවෝ ද උද්ඝෝෂණයට එක්ව සිටියහ.
පොළොන්නරුව නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව අසළ පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් එහි මාර්ග අවහිර වූ බව පොලිසිය කියයි.
පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තම දරු දැරියන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමෙන් පසු 6 ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා සුදුසු පාසැලක් නොමැතිකමින් දැනට මාසයක පමණ කාලයක් අධ්‍යාපන කටයුතු නොමැතිව නිවෙස්වල රැදී සිටින බවද උද්ඝෝෂණයේ නිරත මාපියෝ පැවසූහ.
මේ ගැටළුවට ඉක්මණින් නිසි විසඳුමක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කරවන ලෙස ද ඔවුහු වැඩි දුරටත් ඉල්ලා සිටිති.

2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොළොන්නරුවේ රාජකීයට දරුවන් ඇතුළු කරගන්නැයි අදත් උද්ඝෝෂණ