රංජිත් රාජපක්ෂ
බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතුයායේ බොනකොට් කොටසේ වතු නිවාස පේළියක හට ගත් ගින්නකින් වතු නිවාස 12 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
අද (29) පෙරුවරු 11.45 ට පමණ මෙම ගින්න හටගෙන තිබේ. ගින්න හට ගන්නා අවස්ථාවේ එහි පදිංචි වතු කම්කරුවන් රැකියාවල නිරතව සිටි නිසා ගින්න සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.
ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය හා ඔහුන්ට අයත් අත්‍යවශ්‍ය ලියකියවිලි ද ගින්නෙන් විනාශ වී තිබේ.
පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් පිරිසක් එක් වි පාලනය කිරිමට සමත් වි ඇති අතර ගින්න පාලනය කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය ද සහයෝගය පසුව ලැබි ඇත.
ගින්නෙන් කිසිවෙතුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නෙන් පවුල් 12 කට අයත් සමාජිකයන් 42 දෙදෙනෙකු අවතැන් වි ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වතු නිවාස පෙළක ගින්නක්