(ටී. කේ. ජී. කපිල )
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (29) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ඩුබායි හි රැකියාවක නිරත අයෙකි.
රුපියල් ලක්ෂ 18 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 33,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් සහ තවත් පැකට් 190 ක් ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඔහුගේ ඇඳුම් අතර සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගැණිනි.
අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය රාජසන්තක කර ඔහුට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd