(බිඟුන් මේනක ගමගේ)
ගුරු සහායකයන් 3 777 කට ගුරු සේවයේ 3(2) ශ්‍රේණියට අනියුක්ත කිරීමට කැබිනට් අනුමැතිය දී වසරකට ආසන්න කාලයක් ගතව තිබියදීත් එම තීරණය ක්‍රියාවට නගා නැතැයි ද එය කඩිනම් කිරීමට තීන්දු ගන්නැයි රාජ්‍ය සේවා කොමිසමනේ හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රුපියල් 10 000 ක දීමනාවකට ගුරුවරයකු කරන සියලු කටයුතු කිරීමට මේ පිරිසට සිදුව ඇතැයි ද මේ නිසා ඔවුන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
රජයේ වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල් සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා තරග විභාගයක් පවත්වා බඳවා ගත් 2804 ක ගෙන් හා රජයේ පාසල්වල බුද්ධ ධර්මය ඉගැන්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මගින් තරග විභාගයක් පවත්වා තෝරාගත් 973 දෙනෙකුගෙන් මෙම පිරිස සමන්විත යැයි ද අධ්‍යාපන ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් ඔවුන් ගුරු සේවයේ 3(2) ශ්‍රේණියට අනියුක්ත කිරීමට අනුමැතිය ලැබී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගුරු පත්වීම් වසරක් තිස්සේ ඇණහිටී