(අජිත්ලාල් ශාන්තඋදය)
වරෙන්තු පහක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පොලිසියට කොටු වු පාතාල නායක මධුෂ් නමැත්තාගේ ගෝලයකු බව කියන ‘‘රංගන’’ නැමැත්තා රිමාන්ඩ් බාරයට පත්කළ රත්නපුර මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය සැකකරු ලබන 31 වැනිදා මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්‍ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.
‘‘රංගන’’ නැමැත්තා කොළඹ ප‍්‍රදේශයේ දරුණු අපරාධවලට සම්බන්‍ධ පුද්ගලයෙක් ද යන්න සොයා බැලීමට විමර්ශන අරඹා ඇති බවත් ඔහුට එරෙහිව අධිකරණ පහකින් වරෙන්තු නිකුත් වී ඇති බවත් සැකකරු සම්බන්‍ධයෙන් පොලිස් විමර්ශන අවසන්ව නොමැති බවත් කියමින් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.
සිරිපාගම ඉඳුරුව ප‍්‍රදේශයේදී කාන්තාවක් ඇතුළු පිරිමි හත් දෙනෙකු සමඟ දිය නාමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කියන හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ පදිංචි මල්ලිකා ආරච්චිගේ සජිත් රංගන (29) හෙවත් ‘‘රංගන’’ නැමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලිසිය රත්නපුර විශේෂ කාර්යාංශයට ලැබුණ තොරතුරකට අනුව වහාම ක‍්‍රියාත්මක වූ සිරිපාගම පොලීසියේ සථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රසන්න නානායක්කාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉඳුරුව ප‍්‍රදේශයේ දියනාමින් සිටියදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නේය.
එම චෝදනාවන්ට ඔවුන් වරද පිළිගත් අතර විත්තිකාරියට රුපියල් 18,000/- දහසක දඩයක්ද විත්තිකරුට රුපියල් 5,000/-ක දඩයක් නියම කළ මහේස්ත‍්‍රාත්වරිය රංගන නමැත්තා සම්බන්ධයෙන් අදාළ නියෝග නිකුත් කළාය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්අඩංගුවට ගත් මධූෂ්ගේ ගෝලයා රිමාන්ඩ්