(පද්මා කුමාරී කංකානම්ගේ )
විදුලිය සපයා වසර තුනක් ගතව ගිය ද,එකම එක විදුලි බුබුලක් හෝ සවි නොකළ අපූරු ධීවර ගම්මානයක් පිළිබදව කල්පිටිය මොහොත්තුවාරමෙන් වාර්තා වේ.
කල්පිටිය දූපත් සමූහයට අයත්,මොහොත්තුවාරම එක් පසකින් පටු වැළි තීරයකින් කන්දකුලිය කුඩාව ප්‍රදේශයෙන් ගොඩ බිමට යා වූ,කල්පිටිය තුර අඩිය ප්‍රදේශයට කලපුව ඔස්සේ මීටර 700 කින් පමණ දුරින් පිහිටි බිම් කඩකි.
ධීවර පවුල් 350 ක් පමණ වෙසෙන මෙහි සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් දෙකක්ද වන ජනාකිර්ණ ගම්මානයකි
මොහොත්තුවාරම අර්ධ ද්වීපයට විදුලි සපයා මේ වන විට වසර තුනකටආසන්නය.එහෙත් මේවන තුරු විදුලි කණුවලට,විදුලි බල්බ සවි කර නැති නිසා මොහොත්තුවාරම ගම්මානය, පුන් පොහෝදිනට පමණක් අලෝකමත්වන,අන් හැම දිනක අදුරේ පවතින ගම් පියසක් බවට ජනතාව චෝදනා නඟයි.
විශේෂයෙන් ලදු කැළෑ බහුල මෙහි,සර්පයින් ද බහුල බවත්,අවේලාවේ රැකියා සදහා පිටත්ව යන,ධීවරයින්ගේ ජීවිතවලට සහ දරුවන්ට ද මේ තත්ත්වය අනතුරුදායක බව,මොහොත්තුවාරම ධීවර සමිතියේ ලේකම් ඒ.එම්.අයුබු මහතා පැවැසුවේ ය.
අප මේ පිළිබදව කල්පිටිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති විජිත ප්‍රනාන්දු මහතාගෙන් විමසු විට ඔහු සඳහන් කළේ
විදුලිය සැපයූව ද, විදුලි ආලෝක ලබාදීමට අසමත් වූ බැව් පිළි ගන්නා බව යි .තම සභාව සතුව,වැළි පොළවේ ගමන් කළ හැකි
වාහන නොමැතිවීම නිසා මෙම බල්බ සවි කිරීමට නොහැකි වූ බවත්ය. ඉදිරියේ දී මේ පිළිබදව අවධානය යොමු කරණ බව ත් ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සාමාන්‍ය ජනතාවට කීමෙන් ඔබලා බලාපොරොත්තු වන්නේ කුමක්ද ??