බනිස් ගෙඩියක ඇල්පෙනෙත්තෙන් බේකරි හිමියාට වැඩ වරදී
බනිස් ගෙඩියක තිබූ ඇල්පෙනිත්තක් උඩු තල්ලේ ඇණුනු කාන්තාවකට රුපියල් 10,000ක වන්දියක් ගෙවන ලෙස දිවයිනේ ප්‍රධාන පෙළේ බේකරි නිෂ්පාදන ආයතනයකට නියම කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කොට තිබූ වන්දි මුදල රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (31) නියම කළේය.