මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පෙරවරුවේ විවෘත කළේය. 01 February 2019
නව පඳුරු මැඩි විශේෂයක් දෙදියගල රක්ෂිතයෙන් මාතර දිස්ත්‍රික්කයේ දෙදියගල රක්ෂිතයෙන් මෙතෙක් හඳුනාගෙන නොතිබූ නව පඳුරු මැඩියකු ලෝකයට හඳුන්වා දුන් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. 01 February 2019
සීගිරිය පොලිතීන් ප්ලාස්ටික් තහනම් කලාපයක් වෙයි පෙබරවාරි පළමු වැනිදා සිට සීගිරියට ඇතුළු වීමේදී කිසිදු පොලිතීන් ප්ලාස්ටික් ද්‍රව්‍ය රැගෙන යෑම තහනම් කලාපයක් බවට පත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ. 01 February 2019
විදුලි සැර වැදී කෙණරක් මරුට දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තොට්ටම ග්‍රාම නිලධාරී වසමේ සමුපකාරය අසලට ගෙවත්තකට පැමිණි අලි රංචුවක සිටි කෙණෙරක් විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බව අම්පාර වනජීවී කාර්යාලය පවසයි. 01 February 2019
වීරකැටිය ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට වීරකැටිය බැඳිගම තිරාවල ප්‍රදේශයේ දී තිදරු පියකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළේ යැයි කියන සැකකරුවන් දෙදෙනකු ත්‍රී රෝද රථයකින් පලා යමින් සිටියදී වීරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය කියයි. 01 February 2019
අත්අඩංගුවේ තිබූ ධීවර යාත්‍රා 06 ක් යළි ඉන්දියාවට ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී අවස්ථා කිහිපයකදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා 06 ක් යළි නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී ඉන්දීය නිලධාරීන්ට භාර දෙනු ලැබීය. 01 February 2019
රෝගාතුර වු ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය බේරුවල, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “වත්සලා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් අද (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙනවිත් තිබේ. 01 February 2019
ලක්ෂ 20 ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට ධිවර බෝට්ටු ඔස්සේ තලෙයිමන්නාරම උරුමලෙයි වෙරළ තීරයට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 20 ආසන්න වටිනාකමින් යුත් කේරළ කිලෝ 14යි ග්‍රෑම් 690 සමඟ ගංජා ජාවාරම්කරුවකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි. 01 February 2019
කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට වැල්වැටිතුරෛයි ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 01 February 2019
රිය අනතුරකින් හමුදා සෙබළෙක් මරුට අත්තනගල්ල අලවල මාර්ගයේ දේවින්පැන්න ඇල්ල ප්‍රදේශයේදී අද (1) රෝද රියක් අනතුරට පත්වීමෙන් හමුදා සෙබළකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 01 February 2019
ගම්මානයක සැරිසැරූ පිඹුරකු අල්ලා තබ්බෝව රක්ෂිතයට මුදා හැරේ පුත්තලම මැල්ලන්කුලම ප්‍රදේශයේ සැරිසරමින් සිටි පිඹුරකු අල්ලා ගත් බව පුත්තලම වන ජීවී පාලන ඒකකය කියයි. 31 January 2019
යතුරු පැදියක් ලොරි රථයක ගැටී අයෙක් මරුට කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ කුරක්කන් හේන ප්‍රදේශයේ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් අද (31) යතුරු පැදියේ ගමන් ගත් 36 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 31 January 2019
රජය මගින් ගෙන්වූ කිරි ගවයින්ගේ අලාභය ඉල්ලා විරෝධතාවයක් ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් කිරි ගවයින් මෙරටට ගෙන්වා කිරි ගොවින් , වෙලාඩ් ආයතනය සහ රජය අතර ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි 23 න් 15 ක් කඩවී තිබීම හේතුවෙන් එහි අලාභය ලබා ගැනීම සඳහා අධිකරණයට යන බව පවසමින් ලංකා කිරිගොවිපල හිමයන්ගේ සම්මේලනයේ කිරි ගොවීහු විරෝධතාවයක නිරත වූහ. 31 January 2019
විපක්ෂනායක කාර්යාලයෙන් නීති උපදේශන සේවාවක් ඇරඹේ වත්මන් රජය යටතේ සිදුවූ දේශපාලන පළිගැනීම් , නීති විරෝධී කටයුතු , වංචා හා දූෂණ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබාදීම සඳහා විපක්ෂනායක කාර්යාලය විසින් නීති උපදේශන සේවාවක් ආරම්භ කර තිබේ. 31 January 2019
දැරියක අපයෝජනය කළ සෙබළෙක් අත්අඩංගුවට බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධියකට හමුදා සෙබළෙකු අද(31)වන දින නැගම්පහදී අත්අඩංගුවට ගත්බව ගල්නෑව පොලිසිය කියයි. 31 January 2019
බනිස් ගෙඩියක ඇල්පෙනෙත්තෙන් බේකරි හිමියාට වැඩ වරදී බනිස් ගෙඩියක තිබූ ඇල්පෙනිත්තක් උඩු තල්ලේ ඇණුනු කාන්තාවකට රුපියල් 10,000ක වන්දියක් ගෙවන ලෙස දිවයිනේ ප්‍රධාන පෙළේ බේකරි නිෂ්පාදන ආයතනයකට නියම කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කොට තිබූ වන්දි මුදල රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (31) නියම කළේය. 31 January 2019
ඉතාලි යවන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ව්‍යාජ විවාහ සහතික සකස් කර දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයින් ඉතාලියට ගෙන යන බවට කියා මුදල් ලබා ගෙන කට්ටි පැන සිටි 35 වන වියේ විවාහක කාන්තාවක් අද (31) කටුනේරිය ප්‍රදේශයේ ලැගුම් වලක ලැගුම් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය කියයි. 31 January 2019
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් යාත්‍රා දෙකක් හෙට සිෂෙල්ස් රාජ්‍යට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍ය වෙත භාර දීමේ උත්සවය හෙට (01) කොළඹ වරායේදී පැවැත්වේ. 31 January 2019
ඇප කොන්දේසි කැඩූ 5 ක් රිමාන්ඩ් මහාධිකරණයෙන් නියම කරන ලද ඇප කොන්දේසි උල්ලංඝණය කරන ලද විත්තිකරුවන් පස් දෙනෙකු පෙබරවාරි 25 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (31) නියෝග කළේය. 31 January 2019
‘අප අද ජීවත්වන්නේ දේශප්‍රේමී පිරුවට පැළඳගත් රටක’ අප අද ජීවත්වන්නේ දේශප්‍රේමී පිරුවට පැළඳගත් ඇමෙරිකා පුරවැසියන් ජනාධිපතිවරුන් බවට පත් කිරීමට උත්සාහ කරන රටක යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(31) පැවැසීය. 31 January 2019
කෝට්ටේ මහ නගර සභාවේ නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ අභිනවයෙන් නිර්මාණය කරන ලද නිල වෙබ් අඩවිය එළිදැක්වීම කෝට්ටේ මහ නගර සභා ශ්‍රවණාගාරයේදී (31) පැවැත්විණ. 31 January 2019
ලැගුම්හලේදී ඝාතනයට ලක් වූ පුද්ගලයා හඳුනාගැනේ නවගමුව ලැගුම්හලක නානකාමරයක් තුළ පුලුස්සා ඝාතනය කර ඇත්තේ මොස්තර ශිල්පියකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව නවගමුව පොලිසිය කියයි. 31 January 2019
වීරකැටියේ පුද්ගල ඝාතනයක් වීරකැටිය, පොලිස් වසමේ බැදිගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. 31 January 2019
මාළු ගෙන යන මුවාවෙන් බීඩි ගෙන ගිය ලොරියක් අත්අඩංගුවට මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ 499 ක් සහිත ලොරි රථයක් අද (31) මන්නාරම නූර්විදිය ජුම්මා පල්ලිය අසල නවතා තිබියදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 31 January 2019
‘සේනා’ හානි කළ වගාවන්ට වන්දි ඉල්ලා විරෝධතාවයක් සේනා දළඹුවා විසින් හානි කරන ලද ඉරිගු වගාව වෙනුවෙන් වන්දි ඉල්ලා අම්පාර නාමල්ඔය ගොවියෝ අද (31) සල්ගස් හන්දියේ දි විරෝධතායක් ඇරඹුහ. 31 January 2019
ශිෂ්‍ය භට කණ්ඩායම් පුහුණුවට සහභාගී නොවුණැයි සිසුන්ට පහර දීලා හොරණ ප්‍රදේශයේ පාසලක ශිෂ්‍ය භට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සැරයන්වරුන් දෙදෙනෙකු හා කෝප්‍රල්වරුන් සිව්දෙනෙකු සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දී ඇතැයි හොරණ පොලිසිය කියයි. 31 January 2019
පල්ලෙගම වැසියෝ උද්ඝෝෂණයක පල්ලෙගම මෙදේරිපිටිය මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා ගම්වාසීහූ අද (30) උද්ඝෝෂණයක් ඇරඹුහ. 31 January 2019
ඉඩම් ඔප්පු ක්ෂණිකව ලබා දීමට එක් දින සේවයක් ඉඩම් ඔප්පු ක්ෂණිකව ලබා දීම සඳහා එක් දින සේවයක් ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර අරඹන බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා පැවසීය. 31 January 2019
පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 31 January 2019
කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට යාපනය නගරයේ අලෙවි කිරීම සඳහා කේරල ගංජා කිලෝ 41 ග්‍රෑම් 530 ක් රැගෙන ගමන් කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (31) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය පොලීසිය පවසයි. 31 January 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026