IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සීගිරිය පොලිතීන් ප්ලාස්ටික් තහනම් කලාපයක් වෙයි

(කාංචන කුමාර ආරියදාස)
 
පෙබරවාරි පළමු වැනිදා සිට සීගිරියට ඇතුළු වීමේදී කිසිදු පොලිතීන් ප්ලාස්ටික් ද්‍රව්‍ය රැගෙන යෑම තහනම් කලාපයක් බවට පත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ.

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක අංශය සහ බොහෝ සේවකයින් එක්ව සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ගමන් මලු පරික්ෂා කර එහි  රැගෙන යන පොලිතීන් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ස්ථාන ගණනාවකින් සංචාරකයන් දැනුවත් කරමින්  මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් සංචාරකයන් රැගෙන යන ජල බෝතල්වල ඇති පොලිතීන් ඉවත්කර ජල බෝතලය රැගෙන ගොස් ස්ථාන කිහිපයක තබා ඇති බෝතල් ඉවතලන කුටි වලට හිස් වූ වතුර බෝතල් දැමීම සඳහා පහසුකම් සපයා ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

මේ දිනවල සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම පාසල් ළමුන් ද විශාල වශයෙන් පැමිණෙමින් සිටිති. විදේශීය සංචාරකයන් බොහෝ දෙනෙකු කියා සිටියේ ලෝක උරුමයක් වූ සීගිරිය පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් තොර කලාපයක් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතා අගය කළ යුතු බවයි.

එමෙන්ම පාසල් ළමුන් ගුරුවරුන් ආදී බොහෝ දෙනෙකු පැවසුවේ සීගිරිය වැනි ස්ථානයක් පොලිතීන් වලින් ප්ලාස්ටික් වලින් ඉවත්කර තැබීම හෙට දවසේ දරුවන් වෙනුවෙන් සිදුකරන සුවිශාල වූ කටයුත්තක් බවයි.

සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ සියළු සේවකයන් මෙය  ඕනෑ කමින් සිදු කරන කටයුත්තක් බවය.

 



අදහස් (0)

සීගිරිය පොලිතීන් ප්ලාස්ටික් තහනම් කලාපයක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site