IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වීරකැටිය ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

 

 

අනීෂා මානගේ

වීරකැටිය බැඳිගම තිරාවල ප්‍රදේශයේ දී තිදරු පියකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළේ යැයි කියන සැකකරුවන් දෙදෙනකු ත්‍රී රෝද රථයකින් පලා යමින් සිටියදී වීරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා වීරකැටිය බැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු ඥාතී සහෝදරයින් දෙදෙනෙකු බව පොලිසිය පවසයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනයට උපයෝගී කරගත්තේ යැයි සැකකරන පිහියක් සහ යකඩ පොල්ලක් පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

සැකකරුවන් පලායාමට උපයෝගී කරගත් ත්‍රී රෝද රථයද පොලිස් බාරයට ගෙන තිබේ.

වීරකැටිය බැඳිගම තිරාවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබිණි.



අදහස් (0)

වීරකැටිය ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site