වැල්වැටිතුරෛයි ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
 

 මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා ඔවුන් පැමිණි  යතුරු පැදියද අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැල්වැටිතුරෛයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 38 සහ 27 වන වියෙහි  පසුවන දෙදෙනකි.
 
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරෛයි පොලිසිය වෙත භාර දීමට  නියමිතය.
 
නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව යාපනය, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින්  මොවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

(36698)